ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
footer_roundelSLAF History : 1942 - 1951 රාජකීය ගුවන් හමුදා සමය හා දෙවන ලෝක සංග්‍රාමය
Colombo Airport Ratmalana in early 1940s
ශ්‍රී ලංකා ගුවන් හමුදාව රටට දායාද වීමට මුල් වූයේ එවකට පැවති රාජකීය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසය රාජකීය ගුවන් හමුදාව තෙක් දිව යයි.
 
1941 දෙසැම්බර් මස 07 වන දින  ජපනුන් පර්ල් වරායට බෝම්බ හෙළීමත් සමග යුද්ධයට අවතීර්න විය.

1942 මාර්තු මස 23 වන දින - ජපන්නු ලංකාවේ දොරකඩ අභියසටම පැමිණියහ.

1942 අප්‍රේල් මස 2 වන දින - බ්‍රිතාන්‍යය ආධිපත්‍යයේ එවකට අවසානව ඉතිරි වී තිබු නාවික බලය සොයා ජපන් නාවික හමුදාවේ අද්මිරාල් නැගුමෝ ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ලංකාව දෙසට පැමිණියේය.

ලංකාව දෙසට පැමිණෙමින් තිබූ ජපන් නාවික බලය සොයා කොග්ගල පිහිටි රාජකීය ගුවන් හමුදාවෙ 413 වන බලඝනයේ අණදෙන නිලධාරි බර්චෝල් සහ 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තම කැටලීනා යානයේ නිරීක‍ෂන මෙහෙයුමක නිරත ව සිටියදී ඈත මුහුදේ ජපනුන්ගේ පැමිණිම දැක ඒබව ලංකාවෙ පිහිටි ගොඩබිමි හමුදාවන් හට දැනුමි දිමට සමත් විය. ඒසමගම බර්චෝල්ගේ කැටලීනා යානය දුටු ජපනුන් ඒහට ගුවන් වෙඩි ප්‍රහාරයක් දියත් කොට බිම හෙලනු ලැබූහගදෙවන ලෝක යුද්ධය අවසානය වන තෙක් ජපනුන්ගේ යුධ සිරකරුවකුව සිටි බර්චෝල් හට ගලංකාවෙ ගැලවුමිකරු යන නාමයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් මැතිදුන් විසින් පසුකාලයකදි පුදන ලදි.

1942 අප්‍රේල් 5 - පාස්කු ඉරු දින කොළඹ නගරය තුළ දැඩි උනුසුමි කාරි වාතාවරණයක් පැන නැගිණිග ජපන් හමුදාව ගුවන් යානා 125 පමණ  සමන්විතව කමාන්ඩර් මිට්සුඔී පුෂෙිඩා ගේ නායකත්වයෙන් ප්‍රහාරයට පැමිණියහ.

1948
ලංකාව නිදහස දිනා ගැනීමත් සමඟ රාජ්‍යය  නායකයින්ගේ අවබෝධය හා කාලින අවශ්‍යතා මත ගුවන් හමුදාවක අවශ්‍යතාව  ලංකාවට දැනෙන්නට විය.

එවකට ලංකාවේ අගමැති ව සිටි ගරු ඩී.එස්. සේනානායක මහතා විසින් බ්‍රීතාන්‍ය රජය සමග 1948 දී ආරක‍ෂක ගිවිසුමක් අත්සන් කරන ලදී. එයින් කියවූයේ ලංකා රජයේ අවශ්‍යතාවනට අනුව යුධමය ආධාර, එනම් විටින් විට පුහුණු කිරීම් හා ලංකාවේ සන්නද්ධ බලය වර්ධනය කිරීමට බ්‍රීතාන්‍ය රජය විසින් පහසුකමි සලසනු ලබන බවයි.

1949 අගෝස්තු මස 9 වන දින -

එවකට ආරක‍ෂක සහ බාහිර කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් වු ආර්. ජී. සේනානායක මහතා විසින් මහජන නියෝජිත  මණ්ඩලය වෙත ගුවන් හමුදා කෙටුම්පතක් ඉදිරිපත් කරන ලද්දේ ගුවන් හමුදාවෙ ආරම්භය සහ එය පවත්වගෙන යාම සඳහායි.

එවකට ලංකාවේ පැවති රාජකීය ගුවන් හමුදාවෙ  ඉහළ නිලයන් සඳහා ස්වදේශිකයන් බඳවා ගෙන නොතිබු අතර පුරප්පාඩු පිරවීම සදහා සුදුසුකමි ඇත්තන්ද නොවිය.
 
ලංකා රජයේ ඉල්ලීම පරිදි එක්සත් රාජධානිය විසින් රාජකීය ගුවන් හමුදාවේ නිලධාරියෙකු වු ගෲප් කපිතාන් ජී සී බිලේඩන් මහතා ලංකා ගුවන්  හමුදාව සංවිධානය කිරීම සඳහා නම් කරනු ලැබීය.

1950 නොවැමිබර් -

ලංකා ගුවන් හමුදාව ලෙස නමි කර තිබූ අප ගුවන් හමුදාව එවකට පැවති ලංකා රජයේ ඉල්ලිමකට
එක්සත් රාජධානියේ මහ රජ්ජුරුවන් විසින් රාජකීය ලංකා ගුවන් හමුදාව ලෙස නමි කිරීමට අවසර දෙන ලදි.
 
© 2017 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.