ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
footer_roundelSLAF History : සුළඟේ වෙනස් වීම
ඔහුගේ අණ ක්‍රියාත්මක වි මාස 3කට පසු, එවකට ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ අගමැති ධූරය හෙබවූ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පැමිණ හමුවන ලෙස අණදෙන නිලධාරී මෙන්ඩිස් මහතා හට පණිවුඩ ලැබිණි. එහි පරමාර්ථය වූයේ ශ්‍රී ලංකාවේ දකුණින් පැන නගින කැරැල්ල මර්ථනය කිරීමයි. ශ්‍රී ලංකාව තුල මුහුණ දිමට සිදුවූ ප්‍රථම බරපතල සිද්ධිය මෙය විය.

 චීනවරාය ගුවන් හමුදා කඳවුර තුල ස්ථාන ගත කර තිබූ ජෙට්යානාවන්හි දූවිලි පිස දැමීමට කාලය ඒලඹිය. ඒ අයගේ අවි ආයුධද සූදානම් කෙරිණි. දින තුනක් ඇතුලත ගුවන් යානා සටනකට සුදුසු තත්වයට පත් කෙරිණි.1971 අප්‍රේල් මස 09 වන දින උදෑසන එළඹිය. ජෙට් වර්ගයේ ගුවන් යානා පහක් ප්‍රහාරයන් සඳහා කටුනායක බලා පියාසර කෙරිණි.
© 2018 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.