ගුවන් හමුදා කාය වර්ධන ශූරයා කසකස්ථානයට
6:02pm on Saturday 1st June 2013

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාය වර්ධන ශූර 022583 නායක ගුවන් භට ලිවේරා ඩබ්ලිව් එන් එස් යන ක්‍රීඩකයා 47 වන ආසියාතික කාය වර්ධන තරඟාවලිය 2013 සඳහා 2013 මැයි මස 29 වන දින පිටව යන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාය වර්ධන ක්‍රීඩකයෙක් ජත්‍යාන්තර මට්ටමේ තරඟයකට සහභාගී වූ ප්‍රථම වතාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙනු ඇත.


මෙම ශූරතා තරඟාවලිය 2013 මැයි මස 31 වන දින සිට 2013 ජුනි මස 04 වන දින දක්වා කසකස්ථානයේ ඇල්මැටි හිදී පැවැත්වේ.


මාස්ටර් ශ්‍රී ලංකා කාය වර්ධන ශූරතා තරඟයේ කි. ග්‍රෑ 65 බර පංතියේ ශූරතාවය 2009 වර්ශයේ පටන් නායක ගුවන් භට ලිවේරා විසින් නොකඩවා දිනා ගන්නා ලදී.







airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි