වාර්ෂික ගුවන් හමුදාධිපති තුමන්ගේ පරීක්ෂනය
10:03pm on Wednesday 3rd July 2013
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය පසුගියදා (2013 ජුනි මස 29) සිදු කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් එච්.එස්.එස් තුයියකොන්තා ගුවන් හමුදාපතිතුමන් කදවුරු පරිශ්‍රයට පිළිගන්නා ලදි. මෙහිදි ගුවන් හමුදාපතිතුමාට ආචාර මුර පෙළපාලියක්ද පවත් වන ලදී.

වාර්ෂික පරීක්ශනය අතර තුර අනුරධපුර කදවුර ආවරනය වන පරිදි පරිෂාවේ නියුතු වුන අතර අලුතෙන් ඉදික්‍රන ලද ගුවන් භ්ටයින්ගෙ නිවාඩු නිකේතනය ද විවෘත කරන ලදි.මෙම් නිවාඩු නිකේතනය පහසුක්ම් සහිත කම්‍ර 08 න් සමන්විත වන අතර වායු සමීකරනය කරන ලද පොදු භෝජනාගාරයකින්ද සමන්විත වේ.

මෙහිදි ගුවන් හමුදාවේ අභිවෘදිය උදෙස කැපවූ ගුවන් භටයින් ගුවන් හමුදධිපති සම්මානයෙන් පිදුම් ලැබිය.

16387 බ.සැරයන් දුලිප් කේ.එම්.ටී
17412 බ.සැරයන් බන්ඩාර එච්.එම්.ඩී.අයි
19191 සැරයන් චමින්ද කුමාර ඩබ්.ඩී.එස්
27149 කෝප්‍රල් වීරසූරිය ඩබ්.එම්.සී.එස්.බී
022786 නා.ගු.භ මුනසිංහ එම්.එම්.ඒ.බී

අනතුරුව කඳවුරේ සියලූම නිළධාරීන්, සෙසු නිළයන් අමතා විශේෂ කථාවක් ද පැවැත්වින.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි