ගුවන් හමුදාවට හොකී ජයක්
8:53am on Thursday 3rd October 2013
ගුවන් හමුදාව එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 9 ය බැගින් වූ හොකී තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. 15 වන වරටත් පැවැත්වු මෙම තරගාවලිය හය වරක් ජය ලබා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

යුධ හමුදා කණ්ඩායම ගෝල 1-0 ලෙසින් පාරාජයට පත්කිරීමට අවසන් තරගයේදී ගුවන් හමුදාව සමත් විය. මාතලේ නන්ද්‍රිමිත්‍ර ක්‍රීඩාංගනයේදී මෙම තරගාවලිය පසු ගිය 28 සහ 29 වෙනිදින කණ්ඩායම් 18 ක සහභාගීත්වයෙන් පැවැත්විනි. තරගාවලියේ හොඳම ගෝල රකින්නා ලෙසින් කෝප්‍රල් රත්නසිරි සීඑම්ටීඩී සම්මාන ලැබීය.

තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් ගරු නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය රෝහන දිසානායක මහතා සහාභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි