ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයි
5:33pm on Tuesday 22nd June 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර ඊයේ (21 ජුනි 10) තම පළමු සංවත්සරය සමාජ සේවා කටයුතු රැසක් සමග සමරන ලදී.

රුදුරු ත්‍රස්ත වාදින්ගේ අණසක යටතේ වසර ගණනාවක් පැවති මෙම ප්‍රදේශය,  ඉරණමඩු ගුවන් පථයත් සමග ඔවුන්ට මෙය යුදමය අතින් ඉතා වටිනා ස්ථානයක් විය.තවද එම ප්‍රදේශය අධි ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස භාවිතා කළ ඇති අතර සාමාන්‍ය දෙමල ජනයාට පවා ඇතුල්වීමට නොහැකි විය.

මෙම ප්‍රදේශය බිම් බෝම්බ හා මර උගුල් වලින් ගහන ප්‍රදේශයක් වූ අතර 2009 ජුනි මස 21 දින වර්තමාන කදවුරු අණදෙන නිළධාරී බලඝණ නායක හේලී රූපසිංහ ඉරණමඩු කදවුර ආරම්භ කල අතර ජනතාව නැවත පදිංචි කරවීමට ඉහත කී බිම් බෝම්බ හා මර උගුල් වලින් තොර ප්‍රදේශයක් බවට පත් කිරීමට දැඩි වෙහෙසක් දරන ලදී.

පළමු සංවත්සරය සැමරීම සදහා වෛද්‍ය  සායන මෙන්ම ප්‍රජා සේවා රැසක්, නැවත පදිංචි කළ ගම්මානයක්  වන රාමනාධපුරම් ප්‍රදේශයේදී සිදුකරන ලදී. නොමිලේ පැවැත්වූ වෛද්‍ය හා දන්ත සායන මගින් ප්‍රතිකාර ගැනීමට විශාල පිරිසක් පැමිණි අතර අබාදිත පුද්ගලයින් සදහා රෝද පුටු කිහිපයක් ද  පරිත්‍යාග කරන ලදී. ත්‍රස්ත මෝටාර් ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ සය හැවිරිදි කුඩා දරුවෙක්ද මේ අතර විය.

තවද රාමනාදපුරම් මහා විද්‍යාලයේ 350 ක් පමණ වූ සිසු සිසුවියන් හට පොත්, පෑන්, පැන්සල් , වතුර බෝතල්, කෑම පෙට්ටි හා පාසල් බෑග් ආදියෙන් සමන්විත ත්‍යාග පාර්සල් පිරිනැමූ අතර පාසලට අවශ්‍ය කරන ක්‍රීඩා භාණ්ඩ තොගයක් ද පරිත්‍යාග කරන ලදී. සවස් කාලයේදී ගම්වාසින් වෙනුවෙන් ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම විසින් සංගීත සැදැවක් පවත්වන ලදී.

ඉරණමඩු ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී බලඝන නායක හේලී රූපසිංහ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගි වූ අතර ප්‍රදේශයේ ආගමික නායකයින් හා රජයේ නිළධාරින් ද සේවා පුද්ගලයින් සමග අත්වැල් බැදගනිමින් මෙම උත්සවය සාර්ථක කර ගැනීමට එක්විය. තවද තම පුද්ගලික ධනය යොදාගනිමින් රාමනාධපුරම් ගම් වාසින්ට උදව් කිරීමට ගුවන් හමුදාව සමග අත්වැල් බැදගත් ජනශක්ති රක්ෂන සමාගමේ ව්‍යාපාර ප්‍රවර්ධන අංශයේ ප්‍රධානී චරිත් රුක්මන් මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.
 

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයිශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර පළමු සංවත්සරය සමරයි

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි