වාර්ෂික රණවිරුවන් සිහිකිරීමේ උත්සවය ඒකල ගුවන් කඳවුරේදී
3:39pm on Monday 5th July 2010
සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් සහ සංඝයා වහන්සේ සිය නමකට දානය පුජාකරමින් සේවයේ යේදී සිටියදි මිය ගිය සේවා පුද්ගලයින්  අනුස්මරණය කරමින්, වාර්ෂික රණවිරුවන් සිහිකිරීමේ උත්සවයක් ඒකල ගුවන් හමුදා කඳවුරේදී  ජුලි මස 03 සහ 04 යන දෙදින තුල පවත්වන ලදී.  

මෙම අවස්ථාවට 2000කට අධිකවු පිරිසක් සහභාගීවු අතර මියගිය, සියළුම රණවිරුවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් සහභාගීවන ලදී.

මෙම අවස්ථාවට ගුවන් හමුදාවේ ජේෂ්ඨ නිළයන් මෙන්ම කඳවුරේ සිටිනා නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මින්ද සහභාගී විය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හ ගුවන් හමුදාපති එයාර් ච්ෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලකගේ උපදෙස් සහ සුභ සාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් අනුර සිල්වාගේ අධීක්ෂණයෙන් ඒකල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජනක අමරසිංහ සහ කඳවුරේ සියල්ලන්ම මේ සඳහා මහත් පරිශ්‍රමයක් දරණ ලදී.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි