අන්තර් ඒකක බර ඉසිලීමේ ජය ඒකල කඳවුරට
3:07pm on Tuesday 6th July 2010
ඒකල ගුවන් හමුදා කඳවුර ලකුණු 31ක් ලබා ගනිමින් පිරිමි ඉසව්ව හා කාන්තා ඉසව්ව ලකුණු 28ක් ලබා ගනිමින් අන්තර් ඒකක බර ඉසිලීමේ තරගාවලිය 2010 අන්තර් ඒකක බර ඉසිලීමේ තරගාවලිය ජය ගැනීමට සමත් විය.

ලකුණු 09ක් ලබාගත් රත්මලාන ගුවන් හමුදා කඳවුර සහ ලකුණු 27ක් ලබාගත්  කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම පිළිවෙලින් පිරිමි හා කාන්තා අනුශුරයන් බවට පත්විය.

2010 ජුලි මස 01 දින ඒකල ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩා සංකීර්ණයේ පැවති මෙම තරගාවලිය සඳහා පිරිමි තරගකරුවන් 64ක් සහ කාන්තා තරග කරුවන් 17 දෙනෙක් බර පන්ති 08ක් යටතේ තරග වැදුනි. ඒකල ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් භට රණසිංහ සහ නායක ගුවන් කාන්තා බණ්ඩාර හොඳම බර උසුලන්නා සහ හොඳම බර  උසුලන්නිය ලෙස සම්මාන ලැබීය.

කි.ග්‍රැ. 52 බර පන්තිය යටතේ තරග වැදුනු ගුවන් භට චතුරංග සහ ගුවන්  ජයරත්න  කි.ග්‍රැ. 60 බර පන්තිය යටතේ තරග වැදුනු නායක ගුවන් භට විමලසේන සහ නායක ගුවන් කාන්තා බණ්ඩාර එම තරග කාණ්ඩවල නව ශ්‍රී ලංකා තරග වාර්තාවක් තැබීය.
 


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි