ගෲප් කපිතාන් නිශාන්ත ධර්මදාස ඔෂනියා බොක්සිං තරගාවලිය නියෝජනය කරයි
6:48pm on Tuesday 3rd August 2010
කොලඹ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් නිශාන්ත ධර්මදාස අද(03) දින ඔස්ට්‍රේලියාව බලා පිටත් විය. එහිදී ඔහු ඔස්ට්‍රෙලියාවේ කැන්බරා නුවර සංවිධානය කරන ඔෂනියා බොක්සිං තරග මාලාවේ තරග තීරකයකු ලෙස කටයුතු කරයි.

ජාත්‍යන්තර තරගයන් හි තරගතීරකයකු ලෙස කටයුතුකරමින් ලබා ඇති අත්දැකීම් පදනම් කරගනිමින් මේම තරගමාලාව සඳහා ඔහු පමනක් ශ්‍රී ලංකාවෙන් තෝරා ගැනීම සුවිශේෂී වේ.  මෙම තරගමාලාව අගෝස්තු මස 04 දින සිට 10 දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර මොහු මෙම තරග මාලාව තුල තරග තීරකයකු ලෙස කටයුතු කරනු ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි