අවිකරුවන්ගේ විසිරයාමේ පෙළපලිය
4:38pm on Thursday 5th August 2010
16 වන අවිකරුවන්ගේ උසස් පාඨමාලාව නිමකල අවිකරුවන් 129 දෙනෙකු ඊයේ (අගෝස්තු 04) දීන පලාලි ගුවන් හමුදා කඳවුරේදී විසිර යන ලදී.

මොවුන් සති 14ක කාලයක් තුලදී සරඹ, අවි පුහුණුව, සජීවී වෙඩිතැබීම් සහ ඉදිරියට ‍යැම්, වනගත නොනැසී ජීවත් වීම, ගරිල්ලා සටන් ක්‍රම, නායකත්ව පුහුණුවීම්, බුද්ධි තොරතුරු පුහුණුව, පුද්ගලික දක්ෂතා වර්ධනය කිරීම, ගුවන් බලය, වනගත ප්‍රථමාධාර සහ ප්‍රාථමික පරිගණක දැනුම මොවුන්ට ලබා දෙන ලදී.

කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කපිතාන් අතුල කලු ආරච්චි ප්‍රධාන අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභගී විය.

පාඨමාලාවේ ත්‍යාග ලාභීන් මෙසේය.

සැම අතින්ම දක්ෂතම ගුවන් භටයා
23590 කෝප්‍රල් පෙරේරා ඩබ්.පී.එල්.අයි.
සරඹ අතින් දක්ෂතම ගුවන් භටයා
22781 කොප්‍රල් සිරිතුංග පී.කේ.එල්.
වෙඩි තැබීම අතින් දක්ෂතම ගුවන් භටයා
21891 කොප්‍රල් ගුණරත්න කේ
දක්ෂතම ශිෂ්‍යයා
23590 කෝප්‍රල් පෙරේරා ඩබ්.පී.එල්.අයි.
ශාරීරික අතින් දක්ෂතම ගුවන් භටයා
23134 කොප්‍රල් කුමර ඒ.එම්.එස්.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි