කොළඹ ගුවන් සමුළුව 2016
8:16am on Tuesday 6th December 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලබන කොළඹ ගුවන් සමුළුව - 2016 (Colombo Air Symposium -2016) අත්තිඩිය ඊගල්ස් ලේක් සයිඩ් සමුළු සහ උත්සව ශාලාවේදී 2016 දෙසැම්බර් මස 01 හා 02 දෙදින පැවැත්විණ. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගී වූ අතර උසස් හමුදා නිළධාරීන්, සිවිල් විද්වතුන්, රජයේ උසස් නිළධාරීන්, රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී විය.

මෙම සමුළුවේ තේමාව, “Air Power in the context of Regional Defence and Security”යන්න විය.

ආරම්භක දේශනය ඉදිරිපත් කරමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සමුද්‍රාසන්න කලාපවල සමුද්‍රාශ්‍රිත ගුවන් ගමන් වල ප්‍රවීණත්වය ලබාගැනීමේ වැදගත්කම පිලිබදව මෙන්ම කලාපීය සබඳතා සහ සහයෝගීතාව ස්ථාවරව   පවත්වාගැනීමේ වැදගත්කම සහ කලාපයේ ආරක්ෂාව සහතික කිරීමේදී ඇතිවන බලපෑම් පිලිබදව අදහස් ප්‍රකාශ කරන ලදී. තවද ඔහු වැදගත් මුහුදු මාර්ග ආරක්ෂා කිරීම සඳහා  ඉන්දියානු සාගරයේ වෙළඳ හා අන්යෝන්ය ආර්ථික සම්බන්ධතා වැඩිකිරීම සදහා ඒකාබද්ධ දකුණු ආසියානු කටයුතු ආරම්භ කිරීම සහ එමගින් ශ්‍රී ලංකාවේ ඉහල ආර්ථික අභිලාෂයන්, අපේක්ෂාවන් වැඩිදියුණු කිරීම මෙන්ම සෙවීමේ හා මුදා ගැනීමේ නාවික හා පොලිස් මෙහෙයුම් සමග එක්ව කලාපයේ ආරක්ෂාව සහතික කිරීමේ අවශ්‍යතාව ගැනද කතා කරමින් මේ වසරේ සමුළුවේ තේමාවෙහි අර්ථය පැහැදිලි කලේය.

සමුළුව අමතමින් ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ආරක්ෂාවට තර්ජනයක් දෙමින් ගුවන් වත්කම් ඉහල නැන්වීම හා වේගවත් කිරීම ජාතියක තම ආවේනික වාසියක් ලෙස පවතින බවත් අප දැක ඇති පරිදි එය සෘජු හමුදාමය තර්ජනයක්, ස්වාභාවික හෝ මිනිසා විසින් නිර්මාණය කරන ලද ආපදා වැනිදේට දක්වන ප්‍රතිචාර වලින් පැහැදිලිවන බව පෙන්වා දුන්නේය.

තම කතාව අවසන් කරමින් ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සාර්ථක සම්මන්ත්‍රණයක් පැවැත්වීම වෙනුවෙන් ගුවන් හමුදාධිපති ඇතුලු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු ගුවන් භටයින්ට හා ගුවන් කාන්තාවන්ට සුබ පැතුම් පිරිනැමීය. ඔහු තම ප්‍රඥාව හා දැනුම බෙදාහදා ගැනීම සඳහා පැමිණි විදෙස් නියෝජිතයින්ට ද සිය කෘතඥතාවය පළ කළේය.

මෙහිදී ආරාධිත කථීකයා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු හමුදාධිපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා අදහස් දක්වමින් නාවික බලයෙන් මුහුදු වසම පාලනය කිරීමේදී ගුවන් බලය යොදාගැනීම පිළිබඳ සංකල්ප, සමානකම් මෙන්ම ඇති වැදගත්කම පිළිබඳව සදහන් කලේය.
 
දිනය පුරා පැවැති සමුළුව සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාධිපති, හිටපු ගුවන් හමුදාපතිවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෂ්ඨ නිළධාරීන්, අමාත්‍යංශවල ජ්‍යෂ්ඨ රාජ්‍ය නිළධාරීන්, අසල්වැසි හා මිත්‍ර පාක්ෂික නියෝජිතයින්, මාධ්‍ය සාමාජිකයන් මෙන්ම සම්භාවනීය ආරාධිත අමුත්තන් බොහෝ පිරිසක් ද සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි