ආසියානු බීච් වොලිබෝල් තරගාවලියට ගුවන් හමුදාවෙන් තිදෙනෙක්
5:58pm on Wednesday 11th August 2010
චීනයේ, ලිපුන්ග් ෂැං නගරයේ පැවැත්වෙන ආසියානු බීච් වොලිබෝල් ශුරතා තරගාවලියට සහභාගීවීම සඳහා ක්‍රීඩකයින් සිව් දෙනෙකුගෙන් හා නිළධාරීන් දෙදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා බීච් වොලිබෝල් කණ්ඩායම සිකුරාදා (13) දිවයිනෙන් පිටත්වීමට නියමිත අතර තරගාවලිය මෙම මස 13 දින සිට 18 වෙනි දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිමි කණ්ඩායම් දෙකක් තරගාවලියට එක් වන අතර එහි එක් කණ්ඩායමක ගුවන් හමුදා ක්‍රීඩකයින් දෙපලක් වන කෝප්‍රල් පුබුදු ඒකනායක සහ කෝප්‍රල් අසංක ප්‍රදීප් නියෝජනය කරන අතර අනෙක් කණ්ඩායම මහෙෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල විසින් නියෝජනය කරනු ලබයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායමේ පුහුණුකරු සැරයන් ප්‍රසන්න උදය කුමාර ශ්‍රී ලංකා සංචිතයේ පුහුණු කරු ලෙස කටයුතු කරනු ඇත

බීච් වොලිබෝල් ක්‍රීඩාවට නවකයකු වන කෝප්‍රල් අසංක ප්‍රදීප් කුමාර ජාත්‍යන්තර බිච් තරගාවලියක් සඳහා තරග වදින පළමු අවස්ථාව මෙම තරගාවලිය වීම විශේෂ සිදිධියක් වේ.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි