ගුවන් හමුදා අන්තර් අවි හා සරඹ ශූරතාවය වව්නියාවට
9:47am on Thursday 12th August 2010
කණ්ඩායම් හැගීම, සහයෝගීත්වය මල්පල ගන්වමින් ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරන ලද 2010 අන්තර් ඒකක අවි හ සරඹ තරගාවලියේ ශුරතාවය දිනාගැනීමට වව්නියාව ගුවන් හමුදා කඳවුර සමත් විය.

ගුවන් හමුදා කඳවුරු 21ක සහභාගීත්වයෙන් පැවති අවි හා සරඹ තරගාවලියේ අවසාන මහා තරගය ත්‍රිව්ධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරු සරඹ පිටියේදී ඊයේ (10) පෙරවරුවේ පැවැත්විණි.   

තරගාවලිය ආරම්භ කරමින් සරඹ පිට්යේ විච්ත්‍රව කඩිසර ලෙස අවි සමග ගමනේ යාම ඇතුළු සරඹයන් ඉදිරිපත් කිරීමට වීරවිල කඳවුරට හැකිවුවත් වවුනියාව කණ්ඩායමේ සාමාජිකයන්ගේ උස සහ ඔවුන් ඉදිරිපත්කල සියුම් සරඹ රටා විනිසුරු ආකර්ශණය දිනා ගැනීමට සමත් වු අතර ඊට නොදෙවෙනිව දියතලාව කඳවුර ඉදිරිපත් කල සියුම් ගමන් විලාසය, තියුණු උත්තමාචාර ක්‍රමයන් සහ මන්ද චලන ගමන් විලාසයන් සරඹ පිටිය වර්ණවත් කරන ලදී.   

සැම කණ්ඩායමක්ම සාමාජිකයන් 30 දෙනෙකුගෙන් සන්නද්ධව සියල්ලන්ම එකට පා හසුරවමින් විධානයන්ට අනුව අවි සමග ගමනේ යෙදෙමින් ආකර්ශණීයව සරඹ ඉදිරිපත් කිරීමට සමත්වු නමුත් සියළු කණ්ඩායම් අභිබවමින් ළකුණු 3066ක් ලබමින් පියාසර නිළධාරී දීපාල් රත්නපාල අණ දුන් වව්නියා කණ්ඩායමට ශූරතාවය හිමි විය. ළකුණු 3044ක් ලබා ගත් දියතලාව කඳවුර දෙවන ස්ථානයට පත් විය.

සරඹ තරගාවලිය අවසානයේ ගුවන් හමුදා අන්තර් ඒකක තුර්යවාදක කණ්ඩායම් අතර තරග පැවති අතර 2010 වසරේ ශූරතාවය දිනාගැනීමට බලලත් නිළධාරී එම්.වයි.ආර්. ප්‍රේමදාස ගේ නායකත්වය යටතේ තරගකල කටුනායක කඳවුරු තුර්යවාදක කණ්ඩායමට හැකිවිය. විවිධ වු මිශ්‍ර සංගීත කණ්ඩයන්, සිත් අලලන තනු භාවිත කරමින් ප්‍රේක්ෂකයින ප්‍රමෝදයට පත් කිරීමට තරගාවලිය සඳහා ඉදිරිපත් වු තුර්යවාදක කණ්ඩායම් වලට හැකිවිය.

තරග අංශ දෙකෙහිම විනිශ්චයන් සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් උසස් නිළයන් සහභාගීවු අතර මොවුන් හට තරගාවලියේ දැඩිව යම් යම් තීරණ ගැනීමට සිදුවු අතර එයට හේතුව සියලු කණ්ඩායම් ඉදිරිපත් කල අති දක්ෂ තරග විලාසයයි.

ත්‍යාග ප්‍රධානයන් ඇරබීමට මොහොතකට පෙර චීනවරාය විද්‍යාපීඨ කඳවුරු තුර්යවාදක කණ්ඩායමේ පසුබිම් සංගීතයට කටුනායක රෙජිමේන්තු වර්ණ බලඝණය ඉදිරිපත් කල අති දක්ෂ සරඹ විලාශයන් පැමින සිටි සියල්ලන්ගේම පැසසුමට හේතු විය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි