ගුවන් හමුදාව විවෘත ස්කොෂ් ශූරතා තරගාවලිය පිළිබඳ මාධ්‍යය දැනුවත් කරයි
8:44am on Friday 13th August 2010
ගුවන් හමුදාව 07වන වරටත් පවත්වනු ලබන විවෘත ස්කොෂ් ශූරතා තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාව කොළඹ ගුවන් හමුදා මුලස්ථානයේදී ඊයේ (11) පැවැත්විය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් ගුවන් හමුදා ස්කොෂ් සංචිතයේ සභාපති අධ්‍යක්ෂ දන්ත වෙද්‍යය එයාර් වයිස් මාර්ෂල් අශෝක අමුණුගම කියා සිටියේ දින 8ක් පුරා දිවයන තරගාවලිය තුල පිරිමි සහ කාන්තා, විවෘත පිරිමි සහ කාන්තා, අවු. 35ට අඩු පිරිමි, පිරිමි අවු. 45-50 අතර සහ පිරිමි ළමුන් සහ ගැහනු ළමුන් අවු. 9න් පහල, 11 න් පහල, 13 න් පහල, 15 න් පහල, 17 න් පහල,19 න් පහල සහ විවෘත වශයෙන් තරග අදියර පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් පකිස්තානය, ඉන්දියාව, බංගලාදේශය සහ මලයාසියාව ඇතුළු දකුණු ආසියානු රටවල්  රැසක ගුවන් හමුදාවන් නියෝජනය කරමින් විදෙස් තරග කරුවන් පිරිසක්ද මෙම තරගාවලිය නියෝජනය කිරීමට සූදානම් බව දන්වා සිටින ලදී.

ස්කොෂ් තරගාවලිය අගෝස්තු මස 21 වන දින සිට 28 වෙනි දින දක්වා රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී සහ 06 වන ස්කොෂ් සංකීර්ණ නව ගොඩනැගිල්ල තුල පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතිබව දන්වා සිටින ලදී.

එසේම විවෘත පිරිමි සහ ගැහැණු ශුරතාවය සහ අනුශුරතාවය ලබා ගන්නා තරගකරුවන් සඳහා මුදල් ත්‍යාග සහ අනෙකුත් තරග සඳහ ශූරතාවයන් සහ අනුශූරතාවයන් ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පදක්කම් සහ සහතික පත්‍ර පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇති බව දන්වා සිටින ලදී. තරගාවලිය වෙනුවෙන් අයදුම්පත් භාර ගැනීම  ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ ලේකම්, දෙමළ සංගම් සී ඇන්ඩ් ඒ ක්‍රීඩා සංගමය වෙත 2010 අගෝස්තු 16 වෙනි දින පස්වරු 0500 ට හෝ ඊට පෙර දැනුම් දීම කලයුතු බව දන්වා සිටින ලදී.

තරගාවලිය පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින්, අගෝස්තු මස 28වෙනි දින සෙනසුරාදා පස්වරු 4.30ට අවසන් මහා තරගය පවත්වනු ලබන අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චිෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවය සහ සම්මාන ප්‍රධානය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව දන්වා සිටින ලදී.

මෙම මාධ්‍යය දැනුවත් කිරීම සඳහා ගුවන් හමුදා ක්‍රීඩා සංගමයේ ලෙකම් ගෲප් කපිතාන් රොෂාන් බියන්විල, ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ ලේකම් සහ ගුවන් හමුදා ස්කොෂ් සංචිතයේ ලේකම් විංග් කමාන්ඩර් ජාලිය ජයසේකර, සභාපති ඔලිවර් ගුරුගේ මහතා, උප සභාපති රෝහිත පීරිස් මහතා සහ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක හේලීස් පුද්ගලික සමාගමේ සාමාන්‍යය අධිකාරී වසන්ත සුරිය ආරච්චි මහතා සහභාගී විය.




c
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි