හිඟුරක්ගොඩ කඳවුරට නව අණදෙන නිළධාරීවරයෙක්
5:53pm on Friday 13th August 2010
ගෲප් කපිතාන් කපිල වනිගසූරිය විසින් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අණ සහ සියළු වගකීම් ගෲප් කපිතාන් සාගර කොටකදෙණිය හට භාරදෙන ලදී.

ගෲප් කපිතාන් කපිල වනිගසූරිය පසුගිය 2008 ජනවාරි මස 16 වනදා සිට 2010 අගෝස්තු මස 10 වනදා දක්වා  මෙම කඳවුරේ අණදෙන නිළධාරීවරයා වශයෙන් කටයුතු කරන ලදී. හිඟුරක්ගොඩ කඳවුර ගුවන් හමුදාවේ ඉතා වැදගත් තැනක් හිමිවන කඳවුරකි.  ගෲප් කපිතාන් කපිල වනිගසූරිය තම පාලන කාලය තුළ හිඟුරක්ගොඩ කඳවුර තුළ සංවර්ධන කටයුතු රාශියක් සිදුකරන ලද අතර සේවා පුද්ගලයන්ගේ සුභ සාධනය උදෙසා මෙම සියළුම කටයුතු සිද් කරන ලදී. කඳවුර තුළ ජාත්‍යන්තර මට්ටමේ පෙරපාසලක්, කඳවුරට ඇතුළුවීමේ දොරටුවේ සිට සෑම ස්ථානයකටම යා හැකි පරිදි මැනවින් සකස් කරන ලද මාර්ග පද්ධතියක් මෙම කාලය තුළදී සිදුකල කා්ර්යයන්ගෙන් කිිහිපයකි.

ගෲප් කපිතාන් සාගර කොටකදෙණිය නව අණදෙන නිළධාරියා වශයෙන් වැඩ භාරගනු ලැබුවේ චීනයේ ජාතික ආරක්‍ෂක විද්‍යාල පාඨමාලාවක් හදාරා නැවත ශ‍්‍රී ලංකාවට පැමිණිමෙන් අනතුරුවය. මීට පෙර මොහු අනුරාධපුර කඳවුරේ අණදෙන නිළධාරියා වශයෙන්ද කටයුතු කරන ලදී.

ගුවන් හමුදා චාරිත‍්‍රානුකූල සම්මාන පෙළපාළියකින් අණදෙන නිළධාරී තනතුර භාර දුන් අතර එම පෙළපාලියට අණ දෙනු ලැබුවේ විංග් කමාන්ඩර් සුරේෂ් පෙරේරා යන නිළධාරීවරයා විසිනි.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි