ඩෙංගු උවදුර මුළුමනින්ම තුරන් කිරීම සදහා ගුවන් හමුදාවේ දායකත්වය
11:21am on Monday 16th August 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව , පොලීසිය හා කොළඹ නගරසභාව එක්ව මාරාන්තික ඩෙංගු උවදුර මුළුමනින්ම මෙරටින් තුරන් කිරීමේ අරමුණින් ඊයේ (14 අගෝස්තු 2010)කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ ප්‍රදේශ වාසින්ගේ සහයෝගය ද ඇතිව ඩෙංගු මර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙහි ප්‍රධාන අරමුණ වූයේ ඩෙංගු උවදුරින් ජිවිත බිලිගත් කිව් විදීය අවට සුද්ද පවිත්‍ර කිරීමටය.අදික ජනගහනයකින් යුතු මෙම ප්‍රදේශයේ ශ්‍රමදාන කටයුතු සදහා 400 දෙනෙකුගෙන් යුතු පිරිසක් සහභාගි විය.මේ සදහා ප්‍රදේශ වාසින්ගේ දායකත්වයද උපරිමයෙන් ලභා දෙන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරේ අංක 03 කලාපයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් වජිර ජයවර්ධන මෙම ශ්‍රමදාන කටයුතු මෙහෙයවන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි