ගගන ඉංජිනේරු පක්ෂාංගය පළමු සංවත්සරය සමරයි.
11:57am on Monday 16th August 2010
ගුවන් හමුදාවේ මෙහෙයුම් ගුවන් යානාවන් හී නඩත්තු කටයුතු සහ වෙනත් සාමාන්‍ය කාර්මික කටයුතු කාර්යක්ෂමව කරගෙන යාමේ අවශ්‍යතාවය ගුවන් හමුදාවට දැඩිව දැනුනු අතර වත්මන් ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලකගේ උපදෙස් මත රත්මලාන ගුවන් හමුදා කදවුරේදී ගගන ඉන්ජිනේරු පක්ෂාංගය නමින් ඒකකයක් ස්ථාපිත කළ අතර 2009 අගෝස්තු මස 14 වන දින ගුවන් හමුදාපති තුමාගේ ප්‍රධානත්වයෙන් නිළ වශයෙන් විවෘත කෙරිණ.

දැනට මෙම පක්ෂාංගයේ අණ දෙන නිළධාරී ලෙස ගෲප් කපිතන් ආර්.එච්.කේ.පී රණසිංහ කටයුතු කරන අතර නිළධාරින් 4 දෙනෙකු සහ ගුවන් භටයින් 70 දෙනෙකුගෙන් යුත් කාර්මික බළකායකින් සන්නද්ධව ඕනෑම අවස්ථාවක ගුවන් යානාවන්හී නඩත්තු කටයුතු වෙනුවෙන් සූදානම්ව සිටියි. 2010 අගෝස්තු මස 14 වන දිනට වසරක් සපිරෙන මොහොතේ ඔවුන්ගේ හැකියාවන් පිළිබද ගුවන් හමුදාපති තුමාද අගය කර ඇති අතර,රත්මලාන කදවුරේ පැවති ගුවන් හමුදාපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණයේදී පක්ෂාංගයේ සමරු පොතෙහි සටහනක් තබමින් මෙසේ දක්වා ඇත.

"අභියෝගයන් මැදින් ආ ගමනේදී මෙමෙ ඒකකය මෙම කෙටි කාලය තුල විශිෂ්ඨ වර්ධනයක් ලබා ඇත."

වර්ෂ පූර්ණය අර්ථවත් කරමින් රත්මලාන මල්ලිකාරාමයේ ශ්‍රමදාන කටයුත්තක්ද සංවිධානය කළ අතර, පක්ෂාංග පෙළපාලියේදී 17205 සැරයන් හේරත් එම්.එම්.සී (ගුවන් යානා සැකිලි ශිල්පී විශේෂ ) සදහා 2010 වසරේ හොදම කාර්මිකයාට හිමි සම්මාන සහතිකය ලබා දුන් අතර පක්ෂාංගයේ සියළු නිළයන් එක්වී දිවා ආහාරය එකට ගනිමින් සංවත්සරය සමරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි