ගුවන් හමුදාවට ඔරු පදීමේ ජයක්....
6:12pm on Monday 16th August 2010
ගුවන් හමුදා පිරිමි ඔරු පැදීමේ කණ්ඩායම, ශාන්ත තෝමස් විද්‍යාලය සංවිධානය කල
ස්ප්‍රින්ට් තරගාවලිය - ටී 500 තරගාවලියේ ආරාධ්ත පිරිමි අංශයේ ශූරතාවය
දිනාගැනීමට සමත්විය. මෙම තරගාවලිය අගෝස්තු මස 13 සහ 14 යන දෙදින තුල කොළඹ ඔරු
පැදීමේ සංගමය විසින් බේරේ වැවෙහිදී සංවිධානය කරන ලදී.

මෙම නවතම අංගය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සංවිධානය කල අතර දුර මීටර 500 ක
පරතරයකින් යුක්තව මෙම තරග අදියර ක්‍රියාත්මක විය.

ගුවන් හමුදා ඔරු පැදින්නන්ගේ දක්ෂතාවයන් පහත දැක්වේ

කොක්ස්ඩ් ෆෝර් අධියරේ රන් පදක්කම් ලාභීන්
   කොප්‍රල් තරංග ටී.එම්.එල්.පී
   කෝප්‍රල් ගාමිණී ඒ. එච්
   කෝප්‍රල් රණසිංහ ආර්.එම්.යූ
   බළගණ නායක කේ.ජී දිසානායක
   ගු.භ. බලගල්ල

සිංගල් ස්කල් අධියරේ රන් පදක්කම් ලාභීන්
   ගු.භ. ජයරත්න කේ.ජී

ඩබල් ස්කල්ස් අධියරේ ලෝකඩ පදක්කම් ලාභීන්
   කෝප්‍රල් රණසිංහ ආර්.එම්.යූ
   කොප්‍රල් තරංග ටී.එම්.එල්.පී


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි