ගුවන් විරුවන් සිහිකරමින් කොටහේන කෝවිලේ හින්දු දේව මෙහෙයක්...
6:55pm on Monday 16th August 2010
තම මාතෘභුමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයේ
යෙදී සිටියදී මියගිය සහ අතුරුදහන් වු සියළුම රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල
සාමාජිකයන් සිහිකරමින් සහ සක්‍රිය සෙවයේ යෙදී සිටින රණවිරුවන්ට සහ ඔවුන්ගේ
පවුල් වල සාමාජිකයන් හට ආශිර්වාද කරමින් කොටහේන පොන්නම්පලවනෙස්වර් හින්දු
කොවිලේදී ගුවන් හමුදා සාමාජිකයින් ගේ සහභාගීත්වයෙන් දේව මෙහෙයක් අද (16) දින
සිදු කරන ලදී.    

මෙම ප්‍රධාන හින්දු දේව මෙහෙය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රධාන මාණ්ඩලික
නිළධාරී එයාර් වයිස් මාර්ෂල් පී.බී. ප්‍රේමචන්ද්‍ර සහභාගී වු අතර ගුවන් හමුදා
අධ්‍යක්ෂ මණ්ඩලය සහ සියළු කඳවුරු නියෝජනය කරමින් උසස් නිළධාරීන්, ගුවන් භටයින්
මෙම අවස්ථාවට සහභාගීවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි