අන්තර් ඒකක පාපැදි තරගාවලියේ ජය අනුරාධපුර කඳවුරට...
1:50pm on Tuesday 17th August 2010
වාර්ෂිකව ගුවන් හමුදාව සංවිධානය කරන ලද අන්තර් ඒකක පාපැදි තරගාවලියේ කණ්ඩායම් ශුරතාවය දිනාගැනීමට අනුරාධපුර ගුවන් හමුදා කඳවුර සමත් විය. ජාතික තලයේ පාපැදි තරගකරුවන් බිහි කිරීම අරමුණු කර ගනිමින් මෙම තරගාවලිය සංවිධානය කල අතර ගුවන් හමුදාවේ සියලුම කඳවුරු නියෝජනය කරමින් පාපැදි තරගකරුවන් ඉදිරිපත්ව සිටි අතර ඊයේ (16) දින කටුනායක ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රය තුල මෙම තරගාවලිය පැවතිනි.

තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්ෂ පරීක්ෂණ සහ ආරක්ෂණ එයාර් වයිස් මාර්ෂල් ඊජීජේපී ද සිල්වා සහභාගී වු අතර එයාර් වයිස් මාර්ෂල් ජීපී බුලත්සිංහල සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණ දෙන නිළධාරී ගුවන් කොමදෝරු සීආර් ගුරුසිංහ ඇතුළු උසස් නිළධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.  

තරගාවලියේ ප්‍රථිඵල පහත දැක්වේ...

කණ්ඩායම් තරග ප්‍රථිඵල
අනුරාධපුර ගුවන් හමුදා කඳවුර - ශුරතාවය
කටුනායක ගුවන් හමුදා කඳවුර (තාක්ෂණික පක්ෂාංග ) - අනු ශුරතාවය

විවෘත - පිරිමි
ගුවන් භට විජේරත්න (පලමු ස්ථානය ) - හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර
ගුවන් භට දිසානායක (දෙවන ස්ථානය ) - අනුරාධපුර ගුවන් හමුදා කඳවුර
නායක ගුවන් භට ගුණරත්න (තුන්වන ස්ථානය ) - පෙරාරු විශේෂ මෙහෙයුම් රාශි මුලය

විවෘත - කාන්තා
ගුවන් කාන්තා වික්‍රමසිංහ (පලමු ස්ථානය ) - කටුනායක (සැපයුම් හා නඩත්තු කිරීමේ ඒකකය )  ගුවන් හමුදා කඳවුර
ගුවන් කාන්තා කුමාරසිංහ (දෙවන ස්ථානය ) - කටුනායක (මුලස්ථානය )ගුවන් හමුදා කඳවුර
ගුවන් කාන්තා සඳමාලි   (තුන්වන ස්ථානය ) - ඒකල ගුවන් හමුදා කඳවුර

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි