රණවිරුවන් අනුස්මරණය කිරීමේ ක්‍රිස්තියානි ආගමික දේව මෙහෙය - 2017
9:21am on Wednesday 30th August 2017
ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ ක්‍රිස්තියානි ආගමික දේව මෙහෙය, අද (2017 අගෝස්තු මස 29 වන) දින සවස බොරැල්ල සියලූ ශාන්තුවරුන්ගේ කතෝලික දේවස්ථානයේදී පවත්වන ලදී.

ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිළධාරීන්, සෙසු නිළයන්, සිවිල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සහ දේශයේ උන්නතිය වෙනුවෙන් දිවිපිදූ ගුවන් විරුවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම උත්සවය පස්වරු 4.00 ට පමණ ආරම්භ කරන ලදි අතර සියළුම ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් එම කඳවුරු ඒකකයන්හි ධජයන් පූජාසනය වෙත රැගෙන ඒම සිදු කරන ලදී. අනතුරුව මාතෘභූමියේ ඒකීය භාවය වෙනුවෙන් තම ජීවිතය පූජා කරන ලද ගුවන් හමුදා විරුවන්ගේ නම් ඇතුළත් ලේඛනයක් විදහා දක්වමින් ඔවුන්ට ආශිර්වාද කිරීම සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි