අංක 33 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය
1:49pm on Saturday 28th August 2010
අංක 33 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය 2010 අගෝස්තු මස 27 දින ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය චීනවරාය කඳවුරේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විදුහල් ශ්‍රවණාගාරයේදි පැවැත්වීය. යුධ හමුදා නිළධාරීන් 04
දෙනෙකු,නාවික හමුදාවට අයත් නිළධාරීන් 04 දෙනෙකු සහ ගුවන් හමුදා නිළධාරීන් 20 දෙනකු මෙම පාඨමාලාව සාර්ථකව නිමකරමින් කැළණිය විශ්ව විද්‍යාලය මගින් පිරිනමන පශ්චාත් උපාධි ආරක්ෂක ඩිප්ලෝමා ලබා ගත් අතර මෙම උපාධි ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදා සාමාන්‍ය ඉන්ජිනේරු අධ්‍යක්ෂක ගුවන් කොමදෝරු බී.එල්.ඩබ්ලිව් බාලසූරිය  මහතා සහභාගී විය.

කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව සති 14ක කාලපරාසයක් පුරා නොයෙකුත් අත්‍යාවශ්‍ය ක්‍රියාකාරකම් ඔස්සේ යමින් ඉහල නිළයක් දැරීමේදී ඔවුනට අවශ්‍ය දැනුම, පන්නරය ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වේ. පුද්ගල කලමණාකරිත්වය, ඉංග්‍රීසි දැනුම, පරිඝණක දැනුම, තෝරාගත් ආයතන පිළිබඳ අධ්‍යයන කිරීම්,තෝරාගත් විෂයන් පිළිබඳ ස්වයං ගවේෂණ, දේශණ, ශරීර සෞඛ්‍ය පුහුණුවීම් සහ ක්‍රීඩා ආදී නොයෙකුත් විෂයන්  තුලින් කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව සම්පුර්ණ වේ.   

විශේෂ ත්‍යාග ලාභීන් මෙසේය

පාඨමාලාවේ දක්ෂතම නිලධාරියා  
ලුතිනන් ආර්.පී.සී.ජේ. රාජපක්ෂ ( නාවික හමුදාව )

පාඨමාලාවේ හොදම ග්‍රන්ථ විචාරය
බලඝන නායක සී දොඩන්දෙනිය ( ගුවන් හමුදාව )

පාඨමාලාවේ දක්ෂතම ක්‍රීඩකයා
ලුතිනන් එස්.එස්.එච්. බන්ඩාර (නාවික හමුදාව )

පාඨමාලාවේ දක්ෂතම කළමණාකරන නිලධාරියා
බලඝන නායක පී.ඒ.පී. ප්‍රියදර්ෂන (ගුවන් හමුදාව )

පාඨමාලාවේ දක්ෂතම කථන නිලධාරියා
බලඝන නායක පී. එස්. ජයතිලක (ගුවන් හමුදාව )

විද්‍යාපීඨ අණදෙන නිලධාරීතුමාගේ ප්‍රශ්න පත්‍රයේ දක්ෂතම නිලධාරියා
බලඝන නායක එහ්.එම්.සී හේරත් (ගුවන් හමුදාව )

පාඨමාලාව තුල නිලධාරීන් විසින් ලභාගත් ස්ථාන මෙසේය

පළමු ස්ථානය
NRX1713 ලුතිනන් ආර්.පී.සී.ජේ රාජපක්ෂ

දෙවන ස්ථානය
02339 බලඝන නායක ආර්.එම්.ඒ.යූ. රත්නායක

තේවන ස්ථානයක
NRX1828 ලුතිනන් යූ.එච්.ටී. විජේසේකර

හතරවන ස්ථානය
02166 බලඝන නායක සී දොඩන්දෙනිය

පස්වන ස්ථානය
02545 බලපන්ති ලුතිනන් යූ.ටී සමරවීර



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි