මීරිගම කඳවුරේ ගුවන් හමුදාධිපති තුමාගේ වාර්ෂික පරීක්ෂණය සිදු කරයි.
5:50pm on Monday 30th August 2010
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදධිපති එයාර් චිෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක විසින් මීරිගම කඳවුරේ ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්ෂණය අද (30) සිදු කරන ලදී.

මීරිගම කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජනක කරුණාරත්න අණදුන් පෙළපාලියකින් ගුවන් හමුදාධිපතිතුමන්  කඳවුරු පරිශ්‍රයට පිළිගන්නා ලදී.

ගුවන් හමුදාධිපතිතුමා විසින් කඳවුරේ අලුතින් ඉදි කරන ලද ගුවන් භට භෝජනාගාරය උත්සවාකාරයෙන් විවෘත කල අතර එහි සිට සියළු නිළයන් හා එක්ව දිවා ආහාරය ගන්නා ලදී.

ගුවන් හමුදාධිපති විසින් කඳවුරේ ස්ථාපිත කර ඇති 04 වන රේඩාර් බලඝණය වෙත පැමින ගුවන් ආරක්ෂක පද්ධතියේ කටයුතු නිරීක්ෂණය කරන ලදී. 


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි