53 වන ලෝක හමුදා බොක්සිං තරඟාවළිය 2010
6:12pm on Wednesday 6th October 2010
ශ‍්‍රි ලංකා ත‍්‍රිවිධ හමුදා බොක්සිං කණ්ඩායම ලබන ඔක්තෝබර් මස 07 වන දින 53 වන ලෝක හමුදා බොක්සිං තරඟාවළිය 2010 සඳහා සහභාගී වීමට ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය. මෙම තරඟාවළිය ඔක්තෝබර් 08 වන දින සිට 17 වන දින දක්වා ඇමරිකාවේ උතුරු කැරලිනාහි ලෙජියුන් නාවික කඳවුරේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරඟාවළියේදී ශ‍්‍රි ලංකා කණ්ඩායම ඇතුලත්ව රටවල් 15 ක් තරඟ වැදීමට නියමිතය.  ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, කසකස්ථානය, අයර්ලන්තය, එස්ටෝනියාව, බාර්බඩෝස්, නෙදර්ලන්තය, යුක්රේනය, නිව් ගිනියාව, ප‍්‍රංශය, බ‍්‍රසීලය, ඩෙන්මාර්කය, ඉතාලිය සහ ටි‍්‍රනිඩෑඞ් හා ටොබැගෝ යන රටවල් මෙසේ ශ‍්‍රි ලංකාව හා තරඟ වදී.

මෙම තරඟාවළියේ ගුවන් හමුදාවේ බලඝණ නායක එම්.ටි.එම්. සෆ්රාස් විසින් ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය සපයනු ලබයි. මේ වන විට ඔහු ශ‍්‍රී ලංකා ආධුනික බොක්සිං සම්මේලනයේ විනිසුරුවරයෙකු හා තරඟ තීරක වරයෙකු වශයෙන් කටයුතු කරනු ලබයි. එසේම එම සම්මේලනයේම විධායක කමිටුවේ නිළධාරීවරයෙකු වශයෙන්ද කටයුතු කරනු ලබයි.

මෙම තරඟාවළිය වෙනුවෙන් තරඟ කරුවන් 10 දෙනෙකු ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලබයි. එහිදී ශ‍්‍රී ලංකා යුධ හමුදාව සහ නාවික හමුදාව නියෝජනය කරමින් තරඟ කරුවන් තුන් දෙනෙකු බැගින් සහභාගී වන අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් තරඟ කරුවන් හතරදෙනෙකු සහභාගී වෙයි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් තරඟ වදින තරඟ කරුවන්

කෝප‍්‍රල් සුරේෂ් පි.ඞී.
නා.ගු.භ. ජයකොඩි ටි.ඞී.එන්.ටී.
නා.ගු.භ. කුමාර එස්.එම්.ආර්.
නා.ගු.භ. වීරසිංහ ඩබ්.පී.ආර්.පි.

සමස්ථ ශ‍්‍රි ලංකා කණ්ඩායමේ එක් එක් හමුදාවන්ගේ නියෝජනයන්

ශ‍්‍රි ලංකා යුධ හමුදාව  :  තරඟ කරුවන් - 03    නිලධාරීන් - 1 (පුහුණුකරු)
ශ‍්‍රි ලංකා නාවික හමුදාව  :  තරඟ කරුවන් - 03    නිලධාරීන් - 2 (කණ්ඩායම් භාර ප‍්‍රධාන නිළධාරී/භෞත චිකිත්සක)
ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව  :  තරඟ කරුවන් - 04    නිලධාරීන් - 1 (කණ්ඩායම් නායක)



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි