බණ්ඩාරනායක ගුවන් තොටුපොළ කදවුර ගුවන් හමුදාපති තුමාගේ වාර්ෂික පරීක්ෂණයට ලක්වේ
4:04pm on Tuesday 12th October 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුරේ වාර්ෂික ගුවන් හමුදා පතිතුමාගේ පරීක්ෂණය පසුගියදා (08 ) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති රොෂාන් ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා ස්ථාපිත කල මෙම කදවුරෙහි අණදෙන නිලධාරි ගෲප් කපිතාන් පීටර්සන් ප්‍රනාන්දු විසින් ගුවන් හමුදාපති තුමා කදවුරු පරිශ්‍රය වෙත පිළිගන්නා ලදී.

මෙම සංචාරය අතර තුර අලුතින් ඉදිකරන ලද ගුවන් භට නිවස්නයක් හා මෙම කදවුරෙහි සේවයෙහි යෙදෙන ගුවන් භටයින්ගේ සෞඛ්‍ය තත්වය උසස් මට්ටමක පවත්වා ගැනීම සදහා නව වාට්ටු සංකීර්ණයක් රෝහල් පරිශ්‍රයේදී විවෘත කරන ලදී.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි