සලාක සහායක සහ භෝජනාගාර භාරකරු මූලික පාඨමාලාවක් නිමාවෙයි
1:53pm on Tuesday 9th October 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතාගේ මගපෙන්වීම යටතේ සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චින්තක අල්විස් ගේ අධීක්‍ෂණය යටතේ සීගිරිය ගුවන් හමුදා කඳවුරු සත්කාරක කළමනාකරණ පාසලේ පවත්වන ලද සලාක සහායක සහ භෝජනාගාර භාරකරු මූලික පාඨමාලාවන් හි සහතික පත් ප‍්‍රදානය 2018 ඔක්තෝම්බර් මස 08 වන දින සීගිරිය ගුවන් හමුදා සත්කාරක කළමනාකරණ පාසලේදී පවත්වන ලදී.

කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ ප‍්‍රසම්පාදන විදේශ නිළධාරී විංග් කමාන්ඩර් ප‍්‍රගීත් සාමදාස මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චින්තක අල්විස් සත්කාරක කළමනාකරණ පාසලේ ප‍්‍රධාන උපදේශක ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් දුලන්ත කුරේ නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ. සලාක සහායක ගුවන් භටයින් 20 දෙනෙකු සහ භෝජනාගාර භාරකරු ගුවන් භටයින් 13 දෙනෙකු මෙහිදී සහතික පත් ලබා ගන්නා ලදී.

සලාක සහායක පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය  ගුවන් භට මදුමාදවන් කේ ජී ඩී සහ භෝජනාගාර භාරකරු පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය ගුවන් භට පුෂ්පකුමාර එම් ඩී සී පී විසින් දිනා ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි