ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතියේ නවවන නිවාසය ප‍්‍රදානය කෙරේ
12:26pm on Monday 29th October 2018
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් කි‍්‍රයාත්මක ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකර නිමකරන ලද නවවන නිවස ප‍්‍රදානය කිරීම, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් 2018 ඔක්තෝම්බර් මස 22 වන දින ගොඩකවෙල ප‍්‍රදේශයේදී සිදු කරන ලදී. මෙම නිවස  නායක ගුවන් භට ශාන්ත එම්එම්ඒ (ආබාධිත රණිවිරු* හට ප‍්‍රදානය කරන ලදී.

මෙම නිවස ඉදිකිරීම සඳහා සේවා වනිතා ඒකකය විසින් අරමුදල් සපයන ලද අතර සීගිරිය ගුවන් හමුදා කඳවුර සහ ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකය විසින් මෙහි සමස්ථ ඉදිකිරීම් කටයුතු අධීක්‍ෂණය කරන ලදී.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ආර්කේ සමරසිංහ, සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩීසීඩීබී අල්විස්, නිළධාරීන්, සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකකයේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි