2018 හර්මන් ලූස් කුසලාන කදවුර සදහා ආරාධනා ලැබූ විදේශ නියෝජිත කණ්ඩායම ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
12:50pm on Monday 29th October 2018
2018 හර්මන් ලූස් කුසලාන කදවුර සදහා ආරාධනා ලැබූ විදේශ නියෝජිතයින් 89 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය  2018 ඔක්තෝම්බර් මස 25 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. මෙම කණ්ඩායම බංගලාදේශ, මාලදිවයින, නේපාලය සහ පාකිස්ථානය නියෝජනය කරමින් නිළධාරීන් සහ ජාතික ශිෂ්‍ය භට බලකා සාමාජිකයන්ගෙන් සමන්විත වෙයි.

මෙම නියෝජිත කණ්ඩායමේ ප‍්‍රධානිතුමන් ගුවන් හමුදා  පුහුණු අධ්‍යක්‍ෂක එයාරු් වයිස් මාර්ෂල් ඩබ්එම්කේඑස්පී වීරසිංහ මහතා හමුවූ අතර හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කෙරිණි. අනතුරුව ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂකයේ ස්කොඩ්රන් ලීඩර් එම්ඒයූ මානිකාරච්චි විසින් ශ‍්‍රී ංලාක ගුවන් හමුදාවේ ක‍්‍රියාකාරිත්වය පිළිබදව දේශනයක් ඉදිරිපත් කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි