ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් ඒකකයට නව යතුරු පැදි දහයක් අළුතින් එක් වේ
3:47pm on Tuesday 13th November 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් ඒකකයට හොන්ඩා එක්ස් ආර් 650එල් වර්ගයේ යතුරු පැදි දහයක් අළුතින් එක් කොට ගැනීම 2018 නොවැම්බර් මස 12 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.

මෙම යතුරු පැදි එක් කර ගැනීමේ අවස්ථාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු, සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ඒඩබ්ඊ විජේසූරිය,  මාණ්ඩලික නිළධාරී සාමාන්‍ය ඉංජිනේරු 1 එයාර් කොමඩෝර් එල්එම්එස්කේ ලීලාරත්න, අංක 45 ප‍්‍රභූ ආරක්‍ෂණ පක්‍ෂාංගයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් යූපීවයිආර් පතිරණ, කොළඹ ගුවන් හමුදා කඳවුරු නිලධාරී අණදෙන තාක්‍ෂණික සේවා විංග් කමාන්ඩර් ජීටීයූඅයි විජේරත්න සහ විශේෂ ගුවන් මෙහෙයුම් ඒකක අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එච්එම්සී හේරත් ඇතුලු විශේෂ ගුවන් මෙහෙයුම් ඒකකයේ යතුරුපැදි ධාවකයින් සහ ගුවන් භටයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි