ගුවන් හමුදාව ජාතික ආහාර සැණකෙළියේ හොඳම කුටියට හිමි රන් සම්මානය දිනයි
6:15pm on Wednesday 12th December 2018
ශ‍්‍රී ලංකා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික ආහාර ප‍්‍රවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද ජාතික ආහාර සැණකෙළිය 2018 දෙසැම්බර් මස 7, 8 සහ 9 යන තෙදින තුළ පවත්වන ලදී.

කටුනායක ගුවන් හමුදා කඳවුරු විධායක කෘෂී ඒකකය විසින් ස්ථාපිත කරන ලද කුටිය සැණකෙළීයේ හොඳම කුටිය ලෙස රන් සම්මානය දිනාගන්නා ලදී. ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් සම්මාන ප‍්‍රදානය සිදු කරන ලදී. ගුවන් හමුදාව නියෝජනය කරමින් කුටිය සංවිධානය කල ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂකය සහ කොළඹ ගුවන් හමුදා කඳවුර ඒ සඳහා සහභාගී විය.

විධායක කෘෂි ඒකකය විසින් පිහිටුවන ලද වෙළඳ කුටියේ සහල්, කුකුල් මස්, ඌරු මස්, පොල්, මුදවපු කිරි, යෝගට්, බටර්, එළවළු, පළතුරු  සහ පැළවර්ග ආදී විවිධ ආහාර ද‍්‍රව්‍ය වලින් සමන්විත විය. සැපයුම් අධ්‍යක්‍ෂකය විසින් පිහිටුවන ලද වෙළඳ කුටිය ආහාර වලින් සිදු කරන ලද අලංකාර කැටයමකින් අලංකාරවත් කොට තිබිණි.

ශ‍්‍රී ලාංකීය ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයින් සඳහාද විවිධ ආහාර ද‍්‍රව්‍යයන් අත්විඳිමට අවස්ථාවක් සැලෂීම අරමුණු කොටගෙන මෙම ප‍්‍රදර්ශනය වෙළඳ කුටි 199 කින් පමණ සමන්විතව පවත්වන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි