ගුවන් හමුදාපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය කොළඹ කඳවුරේදී සිදුකරයි.
4:07pm on Thursday 28th October 2010
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාව කොළඹ කඳවුරේ ගුවන් හමුදාපති වාර්ෂික පරීක්ෂණය අද (28) පවත්වන ලදී.

බලපන්ති ලුතිනන් කේ.ඒ කුමාර අණ දුන් සම්මාන මුර පෙළපාලියකින් සම්මාන ආචාර දැක්වු අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කදවුරේ අණදෙන නිලධාරී ගුවන් කොමදෝරු විජිත ගුණරත්න විසින් ගුවන් හමුදාපතිතුමාව කදවුරු පරිශ්‍රයට පිළිගත් අතර දින දෙකක් පුරාවට කොළඹ කඳවුර ගුවන් හමුදාපති තුමාගේ පරික්ෂණයට ලක් කරනු ඇත.

ගුවන් හමුදාවේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය ලෙස කොළඹ මුලස්ථාන කඳවුර හැඳින්විය හැකි අතර සියළු අධ්‍යක්ෂ කාර්යාලයන් ඇතුළු අනෙකුත් අංශයන් ගුවන් හමුදාපති තුමන්ගේ පරීක්ෂණයට ලක් කරනු ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි