අංක 3 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණය සිය 12 වන සංවත්සරය සමරයි
5:14pm on Tuesday 5th February 2019
වීරවිල ගුවන් හමුදා කදවුරු අංක 3 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය එහි වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් පීජීවීසීපී නන්දසේනගේ මගපෙන්වීම යටතේ 2019 පෙබරවාරි මස 01 වන දින සිය 12 වන සංවත්සරය සමරන ලදී. සංවත්සරයට සමගාමීව තණමල්විල ”සිත් සෙවන” ආබාධිත ළමා නිවාසයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් සහ දානමය වැඩසටහනක් 2019 ජනවාරි මස 30 වන දින සිදු කරන ලදී. 2019 ජනවාරි මස 31 වන දින කඳවුරු අණදෙන නිළධාරී ගෘාප් කැප්ටන් ඩීආර්ඒබී වරකාංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැළ සිටුවීමේ වැඩසටහනක් කඳවුරු පරිශ‍්‍රයේදී සිදු කරන ලදී.

මෙහිදී සියළුම නිළයන්ගේ සහභාගීත්වයෙන් කි‍්‍රකට් තරගයක්ද සංවිධානය කර තිබුණි. සියළු නිළයන්ගේ දිවා භෝජන සංග‍්‍රහයකින් සංවත්සර දින සැමරුම අවසන් කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි