ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුරේ අලූතින් ඉදිකල නිළධාරී නිවාසය විවෘත කරයි
12:25pm on Thursday 7th February 2019
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුරේ  අලූතින් ඉදිරිකරන ලද නිළධාරී නිවස්නය විවෘත කිරීමේ උත්සවය  පසුගිය පෙබරවාරි 04 දින  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදි. මෙම නිවස්නයෙහි ආපන ශාලාවක් කාන්තා කාමර විසිත්ත කාමරයක් නවීන පහසුකම් වලින් සමන්විත මුළුතැන් ගෙයක් හා ප‍්‍රභූන් සඳහා වෙන්වූ ස්ථානයකින්ද සමන්විත වේ.

මෙම ඉදිකිරීමේ මූලිකතිවය ගෙන කටයුතු කරන ලද්දේ ගුවන් හමුදා රත්මලාන කඳවුරු ගුවන් පථ ඉදිකිරීමේ පක්ෂාංගය මගිනි.මෙහි සැලසුම් ශිල්පී වශයෙන් ස්කොඩ‍්‍රන් ලීඩර් වීඒපීටීවී ආරච්චි කටයුතතුකල අතර ව්‍යාපෘති ඉංජිනේරු වශයෙන් ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඕඑස් මාගිනනාරච්චි කටයුතු කළේය.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩල නිළධාරීන්, රත්මලාන මූලික කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ආර්එස් වික‍්‍රමරත්න, රත්මලාන ගුවන් හමුදා මූලික කඳවුරු සිවිල් ඉංජිනේරු පක්ෂාංගයේ නිළධාරීන් සහභාගී වූ අතර ගුවන් හමුදාධිපති තුමන් විසින් මෙම කාර්යභාර්ය සාර්ථකව සිදුකිරීම සම්භන්ධයෙන් කඳවුරු අණදෙන නිළධාරී තුමන් හට හා එයට සහභාගීවූ සියළුම දෙනා හට සිය ස්තුතිය ප‍්‍රධානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි