ගුවන් හමුදාව අතීතයේ භාවිතා කරන ලද ගුවන් යානා මධ්‍යයේ සිය 68 වන සංවත්සරය සමරයි
11:13am on Thursday 28th March 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 68 වන සංවත්සර දිනය සමරමින් සැමරුම් සාදය 2019 මාර්තු මස 10 වන දින රත්මලාන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කෞතුගාර ප‍්‍රධාන ගුවන් යානා අංගනයේදී පැවැත්විණි. මෙම අති විශේෂ අවස්ථාවේදී ගුවන් හමුදාවේ විශ‍්‍රාමික ගුවන් හමුදාධිපතිවරුන්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා සේවා සහ විශ‍්‍රාමික නිළධාරීන්, ජ්‍යේෂ්ඨ බලලත් නිළධාරීවරුන් සහ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොළත් නිළධාරීන් ගුවන් හමුදාවේ ෙඓතිහාසික ගුවන් යානාවන් අතර සැරිසරමින් ගුවන් හමුදා 68 වන සංවත්සරය සමරන ලදී.

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් එතුමන් පිළිගන්නා ලදී. ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවින්ද‍්‍ර විජේගුනරත්න එම මහත්මිය, යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ එම මහත්මිය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ආරාධිත අමුත්තන් වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ගුවන් හමුදා වර්ණ බළඝණය විසින් ඉදිරිපත් කරන ලද අලංකාර සරඹ සංදර්ශණයකින් අනතුරුව ආරාධිත අමුත්තන් සහ විශ‍්‍රාමික ගුවන් හමුදාධිපතිවරුන් සමග ගුවන් හමුදා 68 වන උපන්දින කේක් කැපීම සිදු කරමින් සැමරුම් සාදය ආරම්භ කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි