ගුවන් හමුදාධිපතිතුමන් 2019 මිනි කාර් උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙයි
11:16am on Thursday 28th March 2019
ශ‍්‍රී ලංකා මිනි කාර් සමාජය  විසින් සංවිධානය කරන ලද ”2019 මිනි කාර් උළෙල”එෆ් ආර් සේනානායක මාවතෙහි කොළඹ නගර ශාලාව ඉදිරිපිට පවත්වන ලදී. මෙහිදී මිනි කාර් 120 ආසන්න ප‍්‍රමාණයක් ප‍්‍රදර්ශනය කරන ලදී. බැලූ බැල්මට එක ලෙස දිස්වෙන මිනි කාර් සියල්ල විවිධ අංශ අටකට බෙදා වෙන්කොට තිබිනි. එහිදී 1950 ට පෙර කාණ්ඩයේ මෝටර් රථයන්හි සිට නවීනතම බීඑම්ඩබ්ලිව් මිනි කාර් දක්වා එලෙස වෙන්කොට ප‍්‍රදර්ශණය කොට තිබිණි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ගුවන් හමුදාධිපතිතුමන් ප‍්‍රදර්ශනය පුරා සංචාරය කරවීම මිනි කාර් සමාජයේ සභාපති නිමල් ගුණරත්න මහතා සහ උළෙලේ ප‍්‍රධාන සංවිධායක සහ කමිටු සාමාජික නිමල් විමලසූරිය මහතා විසින් සිදු කරන ලදී. මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් හට මිනි මෝක් රථයක් පැදවීමේ අවස්ථාව හිමිවූ අතර එසේම තවත් පැරණි මිනි කාර් රථ පැදවීමේ අවස්ථාවද හිමිවිය.

මෙම අවස්ථාව සිහිපත් වීම පිණිස මිනි කාර් සමාජය විසින් ගුවන් හමුදාධිපතිතුමන් හට තිළිණ ප‍්‍රදානයක්ද සිදු කරන ලදී.

ඒ අතර විවිධ කාණ්ඩයන්ට අයත් කලින් කලට විිවිධ වෙනස්කම් සිදු කරන ලද හෝ ඒ ඒ කාණ්ඩයන්ගේ දුර්ලභත්වය හේතුවෙන් සුවිශේෂී වූ මිනා කාර් ”විශේෂ” කාණ්ඩය යටතේ වර්ගීකරණය කෙට තිබිණි. මෙම විශේෂ කාණ්ඩය අතර දිගින් වැඩිකොට ආසන 6ක් පහසුකම් ඇතිකරන ලද මොක් මිනි රථය, ඉතා දුර්ලභ මිනි ට‍්‍රක් රථය සහ ටේ‍්‍රලරය සහිත මිනි කාර් රථ ඇතුළත් විය. තවත් මිනි රථ කාණ්ඩයක් යටතේ තරඟාවළි සඳහා ඉදිරපත් වූ කාර් රථ ඇතුළත් විය. එම මිනි කාර් රථ පොදු මාවත් වල ධාවනය කරනු නොලබන නමුත් මෙම කාර් රථ වෙනත් වාහනයකින් ධාවන පථය වෙත ප‍්‍රවාහන කරනු ලබයි. මෝටර් ධාවන තරඟ සඳහා ඉදිරිපත් වන මිනි කාර් රථ 14 ක් මේ සඳහා ඉදිරිපත් කොට තිබූ අතර නරඹන්නන් හට එම රථ ආසන්නයෙන්ම නැරඹීමේ හැකියාව මෙන්ම එම රථයන්හි හිමිකරුවන් සමග අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාවද හිමිවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි