ගුවන් හමුදා සේවා වනිතා ඒකකය 2019 ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි
11:18am on Thursday 28th March 2019
2019 ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් 2019 මාර්තු මස 11 වන දින විශේෂ වැඩසටහනක් පවත්වන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ අනුදැම යටතේ වැඩසටහන කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාල ශ‍්‍රවනාගාරයේදී පවත්වන ලදී.

සුරංගි කොඩිතුවක්කු මෙනවිය විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබූ අතර පහත සඳහන් අංගයන් මෙහිදී ඉදිරිපත් කරන ලදී.

බර්නි බාලසූරිය මහත්මියගේ පෞරුෂ සංවර්ධන වැඩසටහන
රොඩ්නී වර්ණකුල මහතා විසින් ඉදිරිපත් කල නාට්‍ය වැඩසටහන
ධම්මික කලපුගේ මහතා පැවැත්වූ දේශනය
නිල්මිණි කොට්ටේගොඩ මහත්මියගේ විනෝදාත්මක වැඩසටහන

මෙහිදී ඇතුල්වීමේ ත්‍යාග ලෙස ටී-ෂර්ට්, කැප්, රූපලාවන්‍ය උපකරණ සහභාගීවූවන් හට හිමිවිය.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්,කාන්තා නිළධාරිනියන්,ගුවන් කාන්තාවන් සහ සේවා පුද්ගලයන්ගේ කාන්තාවන් මෙම අවස්ථාවට එක්වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි