ගුවන් හමුදා කටුනායක කඳවුරු අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණය සිය 13 වැනි සංවත්සරය සමරයි
9:25am on Monday 1st April 2019
ගුවන් හමුදා කටුනායක කඳවුරු අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 2019 පෙබරවාරි මස 14 වැනි දින සිය 13වැනි සංවත්සරය බලඝණයේ සියළු සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සමරනු ලැබීය. සියළු නිළයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු පෙළපාලි නිරීක්‍ෂණය අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එන් පී උඩගෙදර විසින් සිදුකරන ලදී. මාර්තු මස 11 දින කුරන ප‍්‍රදේශයේ විශේෂ අවශ්‍යතා ඇති පව්ල් උදෙසා අත්‍යවශ ද‍්‍රව්‍ය බෙදාදීමක් ද සිදුකරන ලදී.

සංවත්සර දින සැමරැමට සමගාමීව  ක්‍රිකට් තරගාවළියක් කඳවුරු ක‍්‍රීඩා පිටියේදී පවත්වන ලද අතර  සියළු නිළයන් සදහා දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි