ජාතික පිළිමලුන් පිටුදැකීමේ බේස්බෝල් තරඟාවලියේ අනුශූරතාවය ගුවන් හමුදාවට
10:08am on Monday 1st April 2019
පසුගිය පෙබරවාරි 18 සිට මාර්තු මස 17 දක්වා දියගම මහින්ද රාජපක්ෂ බේස්බෝල් පිටියේ පැවැති ජාතික පිළිමලුන් පිටුදැකීමේ බේස්බෝල් තරඟාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බේස්බෝල් කණ්ඩායම සමත්කම් දක්වන ලදී. මෙහිදී මහනුවර රන්බිම රෝයල්ස් කණ්ඩායම සමග අවසාන තරඟය මාර්තු මස 17 දින පැවත්විණි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බේස්බෝල් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එස් කේ ඒ සේනාරත්න ගුවන් හමුදා බේස්බෝල් සංචිතයේ ලේඛම් සී ජේ හෙට්ටිආරච්චි ඇතුළු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැුසක් මෙම අවස්ථාව සඳහා සහභාගිවිය.

මෙහිදී 42120 නායක ගුවන් භට සමරවීර හොදම පිතිකරුවා ලෙස සම්මාන දිනාගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි