ක‍්‍රීඩා පුද්ගලයින් සඳහා තහනම් උත්තේජක පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්
9:00pm on Thursday 4th April 2019
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා ක්ෂේස්ත‍්‍රය තුළ පිරිසිදු ක‍්‍රීඩා සංස්කෘතියක් පවත්වාගෙන යාමේ අරමුණින් යුතුව සංවිධානය කරන ලද තහනම් උත්තේජක පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය මාර්තු මස 27 වන දින ගුවන් හමුදා ඒකල වෘතිය පුහුණු පාසැලේදී පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා තහනම් උත්තේජක පිළිබඳ කාර්යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සීවලී ජයවික‍්‍රම මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මෙහෙයවන ලදී.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කී‍්‍රඩා සංචිතයේ සභාපති ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති  එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ උපදෙස්  පරිදි මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා ගුවන් හමුදා ඒකල වෘතිය පුහුණු පාසැලේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් එම් ජේ ආර්  පෙරේරා මහතා ගුවන් හමුදා ක‍්‍රීඩා සංචිතයේ නිළධාරීන් හා සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි