ගුවන් හමුදාවේ හෙඳම පෙර පාසැල් සම්මානය අනුරධපුරයට
9:02pm on Thursday 4th April 2019
ගුවන් හමුදා අන්තර් ඒකක පෙර පාසැල් තරඟාවලිය පසුගිය මාර්තු මස 27 වන දින ආරක්ෂක සේවා විද්‍යාලීය ශ‍්‍රවනාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහභාගීවු අතර එතුමන් මෙම අවස්ථාවවෙත පිළිගනු ලැබුවේ ගුවන් හමුදා සෙවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයම්පති මහත්මිය විසිනි  .මෙම අවස්ථාවට ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂිකා එයාර් වයිස් මාර්ෂල් පීඩීඒ මාරිස්ටෙලා මහත්මිය ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩල නිළධාරීන් ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

මෙහිදී ගුවන් හමුදා මූලික කඳවුර අනුරාධපුරය ප‍්‍රථම ස්ථානය දිනාගත් අතර ගුවන් හමුදා ඒකල වෘර්තීය පුහුණු පාසැල් පෙරපාසැල දෙවන ස්ථානය ලබාගැනීමට සමත්විය. තෙවන ස්ථානය සඳහා ගුවන් හමුදා මූලික කඳවුර හිඟුරක්ගොඩ හා මඩකලපුව ගුවන් හමුදා කඳවුරු පෙරපාසැල් සමත්විය.

මෙහිදී ඉංග‍්‍රීසි මාධ්‍ය නාට්‍ය අංශයේ ශූරතාවය ගුවන් හමුදා කෙළඹ කඳවුරට හිමිවූ අතර   සිංහලි මාධ්‍ය නාට්‍ය අංශයේ ශූරතාවය ගුවන් හමුදා අම්පාර කඳවුරට හිමිවිය. බටහිර කලාපීය ශූරතාවය අනුරධපුර කඳවුරටත් දකුණු කලාපීය ශූරතාවය ඒකල වෘර්තීය පුහුණු පාසැල වෙතත් නැගෙනහිර කලාපීය ශූරතාව මඩකලපුව කඳවුරත් දිනාගන්නා ලදී.

මෙම තරඟාවලියේ විනිසුරු මඩුල්ල වූ ප‍්‍රභාහිකා ද සිල්වා මහත්මිය වසන්තා ප‍්‍රනාන්දු මහත්මිය සන්ධ්‍යා ජයසිංහ මහත්මිය හා වයලට් සිිරිවර්ධන මහත්මිය පෙරපාසැල් තාක්ෂණික උපදේශකයින් ගුවන් හමුදා මූලික කඳවුරු අණදෙන නිළධාරී වරුන් අණදෙන නිළධාරී වරුන් මෙහිදී ගුවන් හමුදාධිපති තුමන්ගේ ඇගයීමට ලක්විය.  


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි