ඕස්ට්රේලියානු නාවුක හමුදාවේ නියෝජ්‍ය ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරි ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
6:43pm on Monday 15th April 2019
ඕස්ට්රේලියානු නාවුක හමුදාවේ නියෝජ්‍ය ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරි, ඕස්ට්රේලියානු යුධ හමුදාවේ  මේජර් ජෙනරල් රොජර් නෝබල් මහතා පසුගිය මාර්තු මස 29 දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය. මෙහිදී එච් එම් ඒ එස් කැන්බරා නෞකාව මගින් සිදුකරනු ලබන ඉන්දු පැසිෆික් කලාපීය ආරක්ෂාව හා ඕස්ට්රේලියානු ශ‍්‍රී ලංකා ආරක්ෂක ගිවිසුම සම්භන්ධයෙන් වැදගත් කරුනු රැසක්  සාකච්චාවට භාජනය කරන ලදී.

මෙම සාකච්චාවලින් අනතුරුව දෙපාර්ශවය අතර සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.

>
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි