2018 සිරස ප්ලැටිනම් සම්මාන උළෙලේ දී ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සම්මානයේන් පිදුම් ලබයි
6:50pm on Monday 15th April 2019
සිරස ස්පෝර්ට්ස් ෆ‍්‍රස්ට් සංවිධානය කරන ලද 2018 ප්ලැටිනම් සම්මාන උළෙල 2019 මාර්තු මස 29 වන දින රාත‍්‍රියේ රත්මලාන ස්ටේන් ස්ටූඩියෝහිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ අති දක්ෂ කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන් ඇගයීමට ලක් කෙරිණි.

මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ද ඇගයීමට පාත‍්‍රවිය. මෙහිදී ශ‍්‍රී ලංකා ජාතික දැල්පන්දු සංචිතයේ නායිකා ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් චතුරංගනී ජයසූරිය, සැරයන් සුරේකා කුමාරි, සැරයන් තිලිණි වත්තේගෙදර සහ කෝප‍්‍රල් දුලංගා ධනංජි දක්‍ෂතම අන්තර්ජාතික කණ්ඩායම ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. කෝප‍්‍රල් දිනූෂෘ හංසනී ගෝමස් ”වසරේ හමුදා ක‍්‍රීඩිකාව” සම්මානයෙන් පිදුම් ලැබුවාය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාද සම්මාන උළෙල සඳහා සහභාගී වූ අතර සම්මාන ප‍්‍රදානය සඳහාද එක්විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි