කටුනායක විද්‍යුත් සහ විදුලි සංදේශ පක්‍ෂාංගය සිය 61 වන සංවත්සරය සමරයි
6:51pm on Monday 15th April 2019
කටුනායක ගුවන් හමුදා කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ පක්‍සාංගය සිය 61 වන සංවත්සරය 2019 අපේ‍්‍රල් මස 01 වන දින සමරන ලදී. සංවත්සර දින සැමරුම් වැඩසටහන් මාලාව උදෑසන සංවත්සර දින පෙළපාලියෙන් ආරම්භ විය. සංවත්සර දින පෙළපාලිය පක්‍ෂාංග අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩීබීවී වීරසිංහ විසින් නිරීක්‍ෂණය කරන ලදී.

අනතුරුව 2018 ගුවන් හමුදා විශිෂ්ටතා සම්මාන උළෙලේදී විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්‍ෂකයේ දක්‍ෂතම  ගුවන් භටයා සම්මානයෙන් පිදුම් ලැබූ සැරයන් ගමගේ ඩීඩී සහ පක්‍ෂාංගයේ ගුවන් භට/ගුවන් කාන්තාවන්ගේ ඉංග‍්‍රීසි දැනුම වැඩිදියුණු කිරීම උදෙසා දක්වන ලද සුවිශේෂී කැපවීමක් දක්වන ලද කෝප‍්‍රල් ජයසූරිය ඒඑස් ඇගයීමට ලක්කෙරිණි.

අනතුරුව පක්‍ෂාංගයේ සාමාජික සාමාජිකාවන්ට සහ සමස්ත ගුවන් හමුදාවටම සෙත්පතා ධර්ම දේශනා වැඩසටහනක් පක්‍ෂාංග පරිශ‍්‍රයේදී පක්‍ෂාංගයේ සියළුම සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි