ගුවන් හමුදා අවුරුදු පොළ සමගින් අළුත් අවුරුද්ද සැමරීමට ගුවන් හමුදාව සූදානම් වෙයි
8:38am on Thursday 18th April 2019
සූර්යා මීන රාශීයේ සිට මේශ රාශිය වෙත ගමන් කිරීම සමග සිංහල හින්දු අළුත් අවුරුද්ද උදාවේ. එසේම අස්වැන්න නෙළන කාල සීමාවේ අවසානය එමගින් සනිටුහන් වෙයි. මෙම ජාතික උත්සවය සමගාමීව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ශිකව පවත්වනු ලබන ගුවන් හමුදා අවුරුදු පොළ ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂකයේ සංවිධානයෙන් 2019 අපේ‍්‍රල් මස 12 වන දින කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ගී‍්‍රන් ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර පොල්තෙල් පහන දැල්වීමෙන් අවුරුදු පොළ විවෘත කරන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියද මෙම අවස්ථාවට එක් වූවාය. ගුවන් හමුදාධීපතිතුමන් සියළුම වෙලඳ කුටි වෙත පියනගන ලද අතර ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල්වලට සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලැබෙන්නාවූ සහන පිළිබඳ විමසිලිමත් විය.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ගුවන් හමුදාවේ නිළධාරීන්, ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් සිය පවුල්වල සාමාජික සාමාජිකාවන් සමගින් අවුරුදු පොළ වෙත පැමිණි රට පුරා විහිදි ගුවන් හමුදා කඳවුරු මගින් ඉදිරිපත් කරන ලද විවිධ වෙළඳ කුටි මගින් ඉතා අඩු මිලට භාණ්ඩ ලබා ගත්හ.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි