අංක 2 තොරතුරු තාක්‍ෂණ පක්‍ෂාංගය සහ ආධුනිකයන් බඳවාගැනීමේ නව කාර්යාලය විවෘත කෙරේ
8:38am on Thursday 30th May 2019
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් පරිශ‍්‍රයේ අළුතින් ස්ථාපිත කරන ලද අංක 2 තොරතුරු තාක්‍ෂණ පක්‍ෂාංගය සහ අළුතින් ඉදි කරන ලද ආධුනිකයන් බඳවාගැනීමේ නව කාර්යාලය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2019 මැයි මස 17 වන දින විවෘත කරන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි අංක 2 තොරතුරු තාක්‍ෂණ පක්‍ෂාංගය ඒකල ගුවන් හමුදා වාත්තීය පුහුණු පාසලේ ස්ථාපිත කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු අන්තර්ජාතික සිස්කෝ විද්‍යාපීඨයද  ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලදී. මෙම නව විද්‍යාපීඨය මගින් ගුවන් හමුදාවේ තොරතුරු තාක්‍ෂණ ශිල්පීන් හට සිස්කෝ නෙට්වර්ක් සංවිධාන සහතිකය ලබාගත හැකි වෙයි. මෙය ජාලගත කිරීම, දෘඩාංග, විද්යුත් වැඩමුළු සහ තොරතුරු තාක්ෂණ විගණනය, ක‍්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණ අංශ වලින් සමන්විත වේ.

ගුවන් හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි හිටපු විධායක ආධුනිකයන් බඳවාගැනීමේ නිළධාරී එයාර් කොමඩෝර් ඒජේ අමරසිංහ විසින් නව කාර්යාල සංකීර්නයේ ඉදිකිරීම් කටයුතු සිවිල් ඉංජිනේරු අද්‍යක්‍ෂකයේ සහයෝගයෙන් ආරම්භ කරන ලධී.

මෙම කාර්යාල සංකීර්ණය ආධුනිකයින් බඳවා ගැනීමේ කාර්ය පටිපාටියේ සියළුම ක5ියාවලීන් සඳහා අවශ්‍ය පහසුකම් වලින් සමන්විත වන අතර මෙම කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිමා කිරීම පිළිබඳව වර්ථමාන ආධුනිකයන් බඳවාගැනීමේ නිළධාරී එයාර් කොමඩෝර් ටීඒ විමලරත්න සහ කාර්ය මණ්ඩලය වෙත ගුවන් හමුදාධිපතිතුමන් ප‍්‍රශංසා කරන ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අද්‍යක්‍ෂක මණ්ඩලය, තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ එයාර් කොමඩෝර් ඒඑස් විතාන, නිලධාරීන් සහ තොරතුරු තාක්‍ෂණ අධක්‍ෂකයේ නිලධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අංක 02 තොරතුරු තාක්‍ෂණ පක්‍ෂාංගය



ආධුනිකයන් බඳවා ගැනීමේ කාර්යාල සංකීර්ණය
  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි