ජාතික සාමයේ දස වන සංවත්සරය රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී සමරයි
8:40am on Thursday 30th May 2019
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන් දේශයේ ස්වෛරීත්වය භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම උදෙසා තම දිවි පරිත්‍යාග කල ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ විරෝධාර රණවිරුවන් හට උත්තමාචාර පුද කිරීම 2019 මැයි මස 19 වන දින බත්තරමුල්ල පාර්ලිමේන්තු ක‍්‍රිඩාංගනයේ පිහිටා ඇති රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී සිදු කරන ලදී. මෙම උත්සවය ආරක්‍සක අමාත්‍යාංශයේ සහයෝගයෙන් රණ විරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරන ලදී.

ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ කරන ලදී. අතිගරු ජනාධිපතිතුමන් විසින් රැුස්ව සිටි පිරිස ඇමතීමෙන් අනතුරුව මියගිය රණවිරුවන් හට පුෂ්පෝපහාර දක්වන ලදී. අනතුරුව ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමන්, කථානායක ගරු කරු ජයසූරිය මැතිතුමන්, විපක්‍ෂනායක ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමන් විසින් පුෂ්පෝපහාර පුදකරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවින්ද‍්‍ර විජේගුණරත්න, යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානනායක, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් දි සිල්වා සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන් විසින්ද මියගිය රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර පුදකරන ලදී.

ත‍්‍රිවිධ හමුදා බියුගල් වාදන ශිල්පීන් විසින් අවසන් සැමරුම වාදනය කිරීමෙන් මියගිය රණවිරුවන් හට උපහාර දැක්වීමෙන් උත්සවයේ වැඩ කටයුතු අවසන් කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි