මීරිගම ගුවන් හමුදා කඳවුර සිය 12 වන සංවත්සරය සමරයි
10:33am on Monday 10th June 2019
මීරිගම ගුවන් හමුදා කඳවුර සිය 12 වන සංවත්සරය 2019 ජූනි මස 01 වන දින සමරන ලදී. ජූනි මස 01 වන දින සංවත්සර පෙළපාලිය කඳවුරු අණදෙන නිළධාරීතුමන් වන විංග් කමාන්ඩර් එන්කේ තනිප්පුලිආරච්චි විසින් පරීක්‍ෂාවට භාජනය කරන ලදී.

කදවුරු දිනට සමගාමීව " අපේ ළමයි"  ආබාධිත ළමා නිවාසයේ ශ‍්‍රමදාන වැඩසටහනක් හා ඔවුන් හට දිවා ආහාරය සැපයීම සිදුවිය. තවද කදවුරු අණදෙන නිලධාරිතුමන්ගේ නායකත්වය හා මගපෙන්වීමෙන් කදවුරේ අඩු ආදායම් ලාභි සිවිල් සේවක මහතෙකුගේ නිවස සාදා නිමකර ගැනීම සදහා අවශ්‍ය සහයේගය ලබාදුන්හ.

සංවත්සර දින අවසානයේ සුහද ක‍්‍රිකට් තරගාවලියක් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි