වව්නියාව ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයට
2:42pm on Monday 10th June 2019
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වව්නියාව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය 2019 ජූනි මස 07 වන දින සිදු කරන ලදී. කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එල්එච් සුමනවීර  විසින් අනදුන් ගුවන් හමුදාධිපති පරීක්‍ෂණ පෙළපාලිය ගුවන් හමුදාධිපතිතුමන් විසින් නිරීක්‍ෂණය කරන ලදී.

මෙවර කඳවුරු පරීක්‍ෂණයේදී සැරයන් රත්නායක ආර්එම්එස්බී (ගිණුම් සහායක), සැරයන් මුණසිංහ එස්සී (ගුවන් රෙදෙවු ශිල්පී), ජේටී බණ්ඩාර මහතා (සිවිල් හෙද සහායක),  ඒජී සුමතිපාල මහතා සහ ටීඑම් විජේවර්ධන මහතා විසින් සිදු කරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කරන ලදී.

කඳවුරු පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් අංක 2 ගුවන් ආරක්‍ෂණ රෝඩාර් බලඝණය, අංක 2 යාන්ත‍්‍රික ප‍්‍රවාහන අළුත්වැඩියා සහ ප‍්‍රතිසංස්කරණ පක්‍සාංගය අංක 111 නියමු රහිත ගුවන් යානා බළඝනය සහ අංක 23 රෙජිමේන්තු පක්‍ෂාංගය ඇතුළු කඳවුරේ සියළුම ස්ථාන නිරීක්‍ෂණය කළේය.  එසේම ගුවන් හමුදාධිපතිතුමන් මාමඩුව කළුගල්  කැණීම් ව්‍යාපෘතියද සිය නිරීක්‍ෂණයට භාජනය කලේය.

සම්ප‍්‍රදායිකව පවත්වනු ලබන සියළු නිළයන්ගේ දිවා භෝජනය සඳහාද ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වූ අතර නිළධාරීන්, ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ගුවන් භට භෝජනාගාරයේ දී දිවා භෝජන සංග‍්‍රහය පවත්වන ලදී.

කඳවුරු පරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් විසින් පරීක්‍ෂණය සඳහා කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු දෙනා දක්වන ලද සුවිශිෂ්ඨ දායකත්වය අගයමින් සියළු නිළයන් අමතා ස්තුතිය පුද කර සිිටින ලදී. එසේම මෙම පරීක්‍ෂණය තමන් ගුවන් හමුදාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව පවත්වනු ලැබූ පළමු පරීක්‍ෂණය බවද ප‍්‍රකාශ කලේය. එසේම වව්නියාව කඳවුරේ මෙහෙයුම් හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස සේවය කිරීමට ලැබීම තමන් ලද බාජ්‍යයක් බවද ගුවන් හමුදාපතිතුමන් විසින් වැඩිදුරටත් ප‍්‍රකාශ කරන ලදී. එසේම රටේ ඇතිවී තිබෙන ආරක්‍ෂක වාතාවරණය හේතුවෙන් සේවා පුද්ගලයන් වශයෙන් අප සියළුම දෙනාට වැඩි අවධානයකින් සහ කැපවීමකින් රාජකාරීන් සිදුකල යුතු බවත් සියළුම පිරිස් දැඩි හික්මීමකින් සහ විනයකින් යුතුව ක‍්‍රියා කළ යතු බවත් ගුවන් හමුදාධිපතිතුමන් වැඩිදුරටත් කියා සිටියේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි