ගුවන් හමුදා ආධුනික කැඩෙට් නිළධාරින්, නිළධාරිනියන්, ගුවන් භට හා ගුවන් කාන්තාවන්ගෙ විසිර යාමේ පෙළපාලිය
8:56am on Monday 24th June 2019
ශ්‍රී ලාංකීය ලක්අඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත්වු කාර්‍යයට උරදීම සදහා ආධුනික කැඩෙට් නිළධාරින් කැඩෙට් නිළධාරිනියන් 39 දෙනෙකු ගුවන් භටයන් හා ගුවන් කාන්තාවන් 426 දෙනෙකු අභිමානයෙන් යුතුව විසිර යාෙමි පෙළපාලිය අද දින (2019 ජුනි මස 14 වන දින) ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේදී ඉතා සාර්ථකව අවසන් විය.

නිල් අහස ඡයගත් ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් සාමාඡීකයෙකු සාමාඡීකාවක ලෙස ගුවන් හමුදා සේවයට එක්වන අංක 64 ආධුනික කැඩෙටි නිළධාරි පාඨමාලාව, අංක 16 ආධුනික කාන්තා කැඩෙටි නිළධාරි පාඨමාලාව, අංක 168 නිත්‍ය ගුවන් භට පාඨමාලාව, අංක 38 නිත්‍ය ගුවන් කාන්තා පාඨමාලාව, අංක 131 ආධුනික ස්ෙවිචිචා ගුවන් භට පාඨමාලාව හා අංක 14 ආධුනික ස්ෙවිචිචා ගුවන් කාන්තා පාඨමාලාව සාර්ථකව හැදැරූ කැඩෙට් නිළධාරින්, නිළධාරිනියන්, ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන් විසිරයාමෙි පෙළපාළියේදි මහත් අභිමානයෙන් යුතුව විසිර ගිය අතර මෙම පෙළපාලියේ පෙළපාලි අණදෙන්නා ලෙස ව්ංග් කමාන්ඩර් බුද්ධික බණ්ඩාර කටයුතු කරන ලදි.

මෙම ව්සිර යාෙමි පෙලපාලියේදී, ශ්‍රී ලංකා ගුවන් හමුදා තූර්යවාදක කණ්ඩායම මගින් විචිත්‍රවත් තූර්ය වාදන සංදර්ශනයක් ඉදිරිපත් කරන ලද අතර ආධුනික කැඩෙට් නිළධාරින්, කැඩෙට් නිළධාරිනියන්, ගුවන්භටයින් හා ගුවන් කාන්තාවන් විසින් ඔවුන්වෙත ලබාදුන් මනා පුහුණුවෙන් ලද අත්දැකීම් උපයෝගී කර ගනිමින් සරඹ සංදර්ශනයක්, ශාරිරික අභ්‍යාස සංදර්ශනයක් (ඨහපබ්ිඑසජ- හා අව් රහිත සටන්ක්‍රම ඇතුලත් සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදි.

මෙම විසිර යාමේ උත්සවය සදහා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානිතුමන් අධ්‍යක‍ෂක මණ්ඩලයේ නිළධාරීන්, ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරි එයාර් කොමඩෝර් පිටර්සන් ප්‍රනාන්දු, ගුවන් හමුදා නිළධාරින්, යුධ, නාව්ක, පොලිස් නිළධාරින්, සෙසු නිලයන්, ආධුනික කැඩෙට් නිළධාරින්, කැඩෙට් නිළධාරිනියන්, ගුවන්භටයින් හා ගුවන් කාන්තාවන්ගේ දෙමාපියන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

පාඨමාලා විස්තරය
අංක 64 ආධුනික කැඩෙටි නිළධාරි පාඨමාලාව
සෑම අතින්ම දක්ෂතම කැඩෙටි නිළධාරියා
12468 කැඩෙටි නිළධාරි අමරකෝන් එAඑම්ඒඑස්

අංක 16 ආධුනික කාන්තා කැඩෙටි නිළධාරි පාඨමාලාව
සෑම අතින්ම දක්ෂතම කැඩෙටි නිළධාරිනිය
00723 කැඩෙටි නිළධාරිනී හෙට්ටිආරච්චි එස්ජී

අංක 168 ආධුනික නිත්‍ය ගුවන් භට පාඨමාලාව/ අංක 131 ආධුනික ස්ෙවිචිචා ගුවන් භට පාඨමාලාව

සෑම අතින්ම දක්ෂතම ගුවන්භටයා
ඔA- 36256 ආධුනික ගුවන් භට රත්නායක ආර්එමිටිඩි

අංක 38 ආධුනික නිත්‍ය ගුවන් කාන්තා පාඨමාලාව/ අංක 14 ආධුනික ස්ෙවිචිචා ගුවන් කාන්තා පාඨමාලාව
සෑම අතින්ම දක්ෂතම ගුවන් කාන්තාව
ඔAඋ- 3145 ආධුනික ගුවන් කාන්තා පි්‍රයශානි එමිජිඑම්ආර්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි