කොළඹ ගුවන් හමුදා පෙර පාසලේ විවිධ ප්‍රසංගය උත්සවාකාරයෙන් නිම වෙයි
7:51pm on Tuesday 16th November 2010
ගුවන් හමුදා කොළඹ කදවුරේ සේවය කරන ගුවන් හමුදා සිවිල් හා සේවා පුද්ගලයන්ගේ දරුවන් වෙනුවෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය අද සන්ද්‍යාභාගයේදී ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් නිම විය

කුඩා කල පටන්ම දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් මෙම පෙර පාසල් දරුවන් වෙනුවෙන් ලබාදෙන අතර පුරා වසරක් මුළුල්ලේ උගත් දේ ක්‍රියාවට නංවමින් අවසන් අධ්‍යාපනික ප්‍රසංගය, 78 දෙනෙකුගෙන් සමන්විත පෙර පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් අද එලි දක්වන ලදී.මේ සදහා නැටුම්, ගැයුම්, වැයුම්, සරබ සහ නාට්‍ය ආදී විවිධ අංගයන් ඉදිරිපත් කරමින් පැමින සිටි පිරිස් අ
මානන්දයට පත්කිරීමට සමත් විය.

මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ඩබ්.ඒ. සිල්වා සහභාගි වූ අතර, ගුවන් හමුදා සිවිල් ඉන්ජිනේරු අධ්‍යක්ෂක  විංග් කමාන්ඩර් එල්.ආර්.ඒ.ජේ.
සිල්වා, හා ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිලධාරී ගුවන් කොමදෝරු විජිත ගුණරත්න ඇතුලු නිලධාරීන්ද මේ අවස්ථාවට එක්විය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි